Thursday, November 3, 2011

අවිර ඉන්ටනෙට් සිකියුරිටි මාස 6කට

ටිකක් දවසකින් තමයි පෝස්ට් එකක් දාන්නෙ. අවිර ඉන්ටනෙට් සිකියුරිටි වයිරස් ගාඩ් එකේ කී එක.... මාස 6කට... හොදයි නේද? මම යූස් කරන්නෙත් මේක තමා කිසිම ප්‍රශ්නයක් තවම නෑ.. වැඩි කථා ඕන්නෑ පහලින් බා ගන්න.. 




Extrat කරද්ද පාස්වර්ඩ් එකට kanaththa.blogspot.com කියල දෙන්න..  මෙතනින් key එක බාගන්නකො 

Tuesday, October 18, 2011

මෙන්න ගහනවනම් ගේම.

මෙන්න ගහනවනම් ගේම.................. ඇන්ග්‍රි බර්ඩ්.... දන්න අයත් ඇති..  ඒත් ගොඩාක් අය දන්නැතුව ඇති.. මමනම් ඉවර කලා. 1යි 2යි.. 3න තවම ගහනව. මම 1 2 3 කිවුවෙ මොනවද ඈ............ ආ.. ඒ වර්ෂන්නෙ. වර්ෂන් 3ක් ආවා. තුනම මරු.. දැක්ක ගමන් කියයි මෙලෝකෙ රහක් නෑ කියල. ඒත් පොඩ්ඩක් සෙල්ලම් කරල බලන්නකො. අනිවාර්යෙන් ඇබ්බැහි වෙනව. ‍



                                              මෙතනින් බාගන්න 45mb
                               මොනව හරි අවුලක් තිබුනොත් අහන්නකො..

Tuesday, October 4, 2011

හපෝයි දෙයියනේ කාට කියන්නද?


                                        හපෝයි දෙයියනේ කාට කියන්නද?  මට උන සිද්දියක් තමයි අද කියන්න යන්නෙ. මට නම් තිත්ත උනා අදනම්.. මට හිතුන යාලුවන්ටත් මේක කියන්න ඕනෙ කියල. අපේ ගම තමයි මල්ලැහැව.. ගම්පහ දිස්ත්‍රික්කය.. මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය. මම වැඩ ඇරිල එද්දි තමයි මේ සිද්දිය උනේ. 6.30ට විතර. මම හන්දියෙන් බැහැල වඩේ දෙකකුත් අරන් කකා එනව. ඇවිත් අපේ ගෙදරට එන්න හැරෙන්න පාරක් තියනව. මම එතන්ට ලං වෙද්දි බස් එකක් ඇවිත් නැවැත්තුව. ඒකෙන් බැස්ස එයා ගොඩක් ලස්සනයි කියල හිතාගෙන ඉන්න කැත ගෑනු ලමයෙක්.. අක්ක කෙනෙක්. එයා බැස්ස ගමන් පාර පැන්න. එහා පැත්තෙන් වෑන් එකක් ආව හයියෙන්.. මම හිතුවෙ හරි තමයි කියල. මට කෑ ගැහුන.. එයා ඒකට හැප්පුනානම් කෑල්ලක්වත් හොයා ගන්න හම්බෙන්නෑ. ඒ අක්කගෙ ගෙදර තියන්නෙ අර මම කිවුව පාරට හැරෙන තැනමයිඑයා පුටුව උඩට බෑග් එක විසි කරල වැට ගාවට ඇවිත් මම දිහා බලා ගෙන හිටියා. මම මනුස්ස කම‍‍ට ඇහුව හැප්පෙන්න ගියා නේද කියල..


                                                               ඔන්න දැන් තමයි හොදම හරිය පටන් ගන්නෙ... තමුසෙට මොකද මම හැප්පෙන්න ගියාට තමුසෙට වැඩක් තියකවද? කිවුව. මගෙ ඇස්දෙක ට කදුලු ආව. අම්මේ... මේ බලන්නකො මුන්ට වැඩක් තියනවද මම හැප්පුනා‍ට.. කියාගෙන ගෙට ගිහින් අම්මයි අච්චිලයි එක්කන් ආව ම‍ට පරම් පරාව ගැන කියල දෙන්න.. ආවෙ මෙහෙමයි.. හ්......කවුද? කවුද? ‍අපේ එවුන් හැප්පුනාට තොට මොකටද? කෝ ඕකා ඔහොම හිටපන්.. කිවුව.. මම නැවතුනා.. මම ඇහුව මොකද මොකද්ද වෙන්න ඕනෙ කියල. තෝ දන්නවද අපි කවුද කියල තොපේ මහ එවුන්ගෙන් අහ ගනින් බල්ල තෝ දන්නැතුවයි අපි කවුද කියල. දඩු දික් වලා එනව මෙතන කියල බැන්න නේද ම‍ට.. මම කිවුව මම ඔයාලගෙන් කන්න බොන්න ඉල්ලන්නෑ මට අම්මයි තාත්තයි කන්න දෙනව. උබලගෙ ලොකු කම් මට වැඩක් නෑ.. උබලගෙ ලොකුකම් උබල තියා ගනිල්ල කියල මම පොඩි හූවකුත් තියල මම ආව. ඒත් ම‍ට හොද කුනුහරපෙන් බැන්න. එයාලගෙ මහන්තත්ව කම මම එවෙලෙ හොදට දැක්ක.. කාට කියන්නද මෙවුව. මෙහෙම තිරිසන් මිනිස්සුත් එක්ක ජීවත්වෙන්න අපිත් පවු කරල ඇති පෙර ආත්මෙක.

Friday, September 23, 2011

වින්ඩෝස් එයිට් සෝ....ක්......

                   මම පන දාගෙන වින්ඩෝස් එයිට් බෑවෙමි.. පැය හතරක් ගියේය. තවත් විනාඩි දහයක් විතර ගත කර වින්ඩෝස් එයිට් පරිගණකයට දැම්මා. අපරාදේ කියන්න ඕනෑ නැ.. වින්ඩෝස් එයිට් දැමීමට විනාඩි දහයක්වත් ගියේ නැත. බූට් වන්නටද තත්පර එකොලහක් ඇති වුනි. සෙවන් බූට් වන්නට තත්පර දහ අටක් විතර යනව. ඒ අතින් බලපුවාම එයිට් වේගවත්. මම එය බූට් කර ඔන් වූ පසු ස්‍ටාර්ට් බොත්තම එබුවෙමි.. ලොකූ කොටු ගොඩක් ආවා.. පට පන කඩාගෙන දුවන්නද හිතුනි. නමුත් ‍දිවුවේ නැත. ඉතිරියත් බලමූයැයි මගෙ සිත කීවේය



මම තව දුර‍ටත් බැලුවේය.. ලස්සන ලස්සන ගේම් දෙක තුනක් තිබනා. පියානෝවක්ද තිබුනි. මම ඒය ප්ලේ කලේය. වින්ඩෝස් එයිට් ටච් ස්ක්‍රීන් පරිගණක වලට ආ බවක් ම‍ට හැ‍ගේ.. එහෙම බැලුවාම වින්ඩෝස් එයිට් මෙලෝකේ රහක් නැත. ඇතුලත වින්ඩෝස් සෙවන්ම වැනිය. ග්‍රැෆිකල් ඉන්ටෆේස් එක ටිකක් වෙනස්ය. ස්ටාර්ට් මෙනු එක ටච් ස්ක්‍රීන් වලටම සදා ඇත.. අපට ටච් ස්ක්‍රීන් ගන්න සල්ලි නෑත. මේ සී ආර් ටී එ‍ක ගන්නත් මාර දුකක් විනදේය. පොසත් මිනිස්සුන්ටනම් හොදය. ටච් ස්ක්‍රීන් ගනන් අඩු වූවොත් ටිකක් හොදය.. තාම ඩිවලොපර් වර්ෂන් එක විතරයවින්ඩෝස් එයිට් ඔරිජිනල් වර්ෂන් එක මීට වඩා වෙනස් වේ කියා මට සිතේ.. ‍එහෙම වේවා කියා මම පතමි.. 

Thursday, July 28, 2011

මෙන්න හොරෙක් ඇල්ලුව.... සේරම උස්සසල.. එයාගෙ වගේ ඒව‍ගෙන් වැඩ..

මෙන්න හොරෙක් ඇල්ලුව.... සේරම උස්සසල.. එයාගෙ වගේ ඒව‍ගෙන් වැඩ.. මගෙ බ්ලොක් ඔක්කොම එයාගෙ බ්ලොග් එකේ දාගෙන... එයා පෝස්ට් 25 ක් දාල තියනව 10ක් ම මගෙන් උස්සපුව... පහල තියන්නෙ ලින්ක් එක බලන්නකො කොහොමද වැඩේ.. චාටර් නේද?





Thursday, July 21, 2011

පොලිසිය... ලංකාවේ.(නිට්ටඹුවේ). අපෙ පොලිසිය......

                       අදනම් කියන්න යන්නෙ ලංකාවට කෙලවෙලා තියන හේතුවක් ගැන.. ලංකාව හදන්නෙ කොහොමද මෙහෙම පොලිසියෙන් ඉද්දි... ම්ම්ම් පොලිසිය ගැන තමා කියන්නෙ.. ම‍ටයි යාලුවෙකුටයි (යාලුව තමයි චනක) වුන දෙයක් මේක.. ඊයෙ තමයි වුනේ ඊයෙ කියන්නෙ 18සදුදා.. නිට්ටඹුවෙ තිබ්බ 17-18 වොලිබෝල් මැච් එකක්.. ඒක ඉවර වෙලා තිබුන මියුසිකල් එකක්... ඕක බලන්න තමයි අපි ගියේ.. සන්ෂයින් තමයි වෙදිකාව සංගීතවත් කලේ.. හැමතැනම පොලිසියෙන් දාල.. යුනිෆෝම් හා සිවිල් දෙකෙන්ම.. මම දැක්ක දෙපාරක්ම එස් අයි (මහත්තේක්)  ජීප් එක ඇතුලෙ ඉදන්ම ගොල්ඩ්ලිෆ් ගහනව.. සිවිල් හිටපු මහත්තුරුනම් අපරාදෙ කියන්න බෑ හොදට ඩියුටිය කරනව වතුර බොතල් එහෙම අතේත් තියාගෙන.. (මහන්සියට වෙන්න ඇතිනෙ)  මට අමතක උනානෙ නිට්ටඹුව පොලිසිය ගැන මේ කියන්නෙ හොදද? ගොඩක් මිනිස්සු බීලා.. හොදට නටනව.. අපිත් ගිහින් නැටුව නටල ටිකක් අයිස් එකක් එහෙම කාල වාඩි වුනා බස් ස්ටෑන්ඩ් එකේ.. (ස්ටෑන්ඩ් එකේ තමයි මියුසිකල් එක තිබු‍නෙ) ‍අපි ගියේ කවසාකි ඉසෙඩ් එක්ස් 250 ආර් (KAWASAKI ZX 250 R) තෙල් ලිටර් එකකින් 22000m යන්න පලුවන්.. ‍තෙල් එහෙම හොදට වැඩ නේද?  පහල තියන්නෙ බයික් එක දන්න අය දන්නව ඇතිනෙ ඕකෙ සද්දෙ එහෙම..




          අපි බයික් එක නවත්තල තිබුනෙ එහා පැත්තෙ.. එක චනකගෙ බයික් එක.. ඒක ඉන්න තැනට අරන් එන්න ගියා මම.. බයික් එක තියන තැනට ගිහින් ස්ටාර්ට් කරල රේස් කරල ගත්ත ටිකක්.. (හෝං හෝං) ඒත් එක්කම මට ඕයි ඕයි කියල කෑ ගැහුව උඩ තට්ටුක ඉදන්. බලපුවාම කොල්ලො සෙට් එකක් බොනව.. කොල්ලො කිවුවට කොල්ලොම නෙවේ ටිකක් වයසයි. මම ගනන් ගත්තෙ නැතුව ගියා.. යද්දි අපි හිටපු තැන පල්සර් ට්‍රැකර් ‍වලින් ඇවිත් වැඩ දානව.. මමත් ඇරියෙ නෑ සයිලන්සරෙන් ගින්දර පාරක් එහෙම දාගෙන මම ගිහින් හිටපු තැන නැවැත්තුව.. තව යලුවෙක් ඇවිත් හිටිය එතන්ට.. එයාට රවුමක් පදින්න ආසයි කියල වටයක් ගිහින් ආව.. ඒ සද්දෙට සිවිල් හිටපු එස් අයි මහත්තේක් ඇවිත් යතුර ගත්ත.. යතුර අරන් මෙහෙම ඇහුව හරිම කාරුනික වචනෙන්.. කවුද මල්ලියෙ මම ඕයි ඕයි කියද්දි රේස් කරල ගියේ.. එතකොට තමයි තේරුනේ ඕයි ඕයි කිවුවෙ කවුද කියලා.. මම කිවුව මම කියල..  

                                වාඩිවෙන්නකො කියල මගෙ පපුවෙන් තල්ලු කලා ආදරේට වගේ.. මගේ ඔලුව යකඩ බටේකත් වැදුන.. ඊට පස්සෙ මගෙ කණ අතගාල කකුලෙන් 3ක් විතර මට ගැහුවෙ නෑ.. අපරාදෙ කියන්න ඕන්නෑ මල්ලියෙ කියලමයි කථා කලේ.. එක කුනු හරපයක් වත් කිවුවෙ නෑ.. ඒ මහත්තය බීල හිටියෙත් නෑ.. කාගෙද බයික් එක ඇහුව චනක ඉස්සරහට ආව.. ඒයාගෙත් කන අතගාල කකුලෙන් බඩටත් පොඩි තට්ටුවක් දැම්ම.. 

                         ෆිට් එකට... ඒත් එක්කම එතන්ට ට්‍රැකර් 2ක් ඇවිත් වීල් කලා අපේ බයික් එකට වඩා සද්දෙයි.. හෙලිකොප්ටර් වගේ ඒවගෙ සද්දෙ.. අවුල තියන්නෙ එකක් නිට්ටඹුවෙ පොසත් ව්‍යාපාරිකයෙකුගෙ පුතෙක්.. අනිත් කෙනත් ‍‍ඇග පත හොදට තියන කෙනෙක්.. ඒව පොසත් බයික්නෙ ඒවගෙ සද්‍දෙ ඇහෙන්නෙත් නෑ.. වීල් කරනව එහෙම පේන්නෙත් නෑ.. අපි වගේ පොඩි එකෙක් රේස් කලත් වැරදියි.. හ්ම්ම් උන්ටම ගිය රටනෙ.. මමත් සද්ද නැතුව හිටිය.. අපි වචනයක් හරි කථා කලානම් අපේ ඇගපත හොදට අතගානව... ඒ නිසා සද්ද නොකර හිටියා.. ආයෙත් කාරුනිකව කිවුව ඕක තල්ලුකරන් යං ජීප් එක ගාවට කියල.. කොහොමද ආතල් එක.. මීටර් 200ක් විතර තල්ලු කලා..


                                                                                  එතන්ට ඇවිත් ඒ මහත්තය පැත්තකට ගියා. අපි ඉතින් අනිත් අය‍ට ටෝක් කලා යතුර ඉල්ලල.. ඒ පාර එකෙක් ඇවිත් අපෙන් ඇහුව කොහෙද කියල.. විස්තර කිවුවම ඒයා අර එස් අයි ගාවට ගිහින් කථා කලා දැක්ක.. දෙන්න බෑ කිවුවද කොහෙද? ආයෙ ලගට ආව අ‍පේ උඹලට මොනවද කරන්න පුලුවන් ඇහුව.. අපි අ‍තේ සල්ලිත් නෑ. සල්ලි නෙවේ බොතලයක්ලු ඔනෙ අරක‍ට තෙල් ගහල කෑව තිබ්බ සල්ලිවල.. මම කිවුව සල්ලි නෑ කියල. එයා අපිට ටොක් කරනව ඊට පස්සෙ යාලුවන්ගෙන් හරි ඉල්ලල දීපන්ලු.. මම කිවුව යාලුවො නෑ අපි දෙන්න විතරයි ආවෙ කියල. හෙට දෙන්න පුලුවන්ද ඇහුව.. මම හා කිවුව.. කීයටද දෙන්න පුලුවන් ඇහුව 10 ට? කියල මම හා කිවුව.. අපේ ගෙදරට ගෙනත් දියල්ල කියල පාරත් කියල ඊට පස්සෙ යතුර දුන්න.. අපි ආව... ‍අපි තාම බොතලයක්නම් දුන්නෑ.. ඒත් ඒ මහත්තය ඔන්න ඩියුටි කරපු හැටි.. නිට්ටඹුව පොලිසිය තමයි ඒ... පස්සෙ තේරුනේ. එයාලට බොන්න මදිවෙලා අපි වගේ පොඩි එවුන් වරදක් නැතුව අල්ලල ගහල බොතලුත් ඉල්ලනව..  ඒත් පොසත් අයගෙ හෙලිකොප්ටර් පැද්දත් අල්ලන්නෑ.... ඒ මහත්තුරුන්ට අයහපතක් මිසක යහපතක්නම් කසිදවසක වෙන්නෑ.. ඒහෙම නොවේවාත් කියල මම ප්‍රාර්ථනා කරනව.....


                පොලිසිය... ලංකාවේ.(නිට්ටඹුවේ). අපෙ පොලිසිය......   

                ජනතාවගෙ හිත දිනාගත්ත පොලිසිය....

                ලංකාවේ(නිට්ටඹුවේ) හොද පොලිසිය....

                ජනතාවගෙ හිත දිනාගත්ත පොලිසිය.... 

Thursday, July 7, 2011

මොබයිල් එකෙන් සිංහල බ්ලොග් බලමු.......

                                         
                                      ගොඩක් අයනම් මේක දන්නවත් ඇති.. ඒත් ඊට වඩා නොදන්න අය ඉන්නවා.. මම ගොඩක් ගෘප් වල දැක්ක මේ ප්‍රශ්නෙ අහල තියනව.. (ෆොන් එකෙන් සිංහල බලන්නෙ කොහොමද?) කියන එක.. මම කියල දෙන්නම් කොහොමද කියල.. ඉස්සර්ලාම m.operamini.com ඔකට ගිහින් ඔපෙරාමිනි බාගෙන ඉන්ස්ටොල් කරගන්නකො.. 







                                                        ඊට පස්සෙ සර්ච් බාර් එකට ගිහින් මොහම ටයිප් කරන්න. opera:config සිංහලෙනුත් දාන්නම් ඔපෙරා දෙතිත ‍කන්ෆිග්.. පැහැදිලිනෙ..  ඊටපස්සෙ ඕකේ කලාම එන පේජ් එකේ පහලටම යන්න. පහලම තියනව use bitmap font for complex script කියල එකක් ඒ‍කෙ ඉස්සරහයින් no කියල තියනව ඒන yes කරල පහල තියනව seve කියල බොත්තමක් ඒක ඔබන්න... දැන් සිංහල පේනව ඔයාට. සිංහල බ්ලොග් එකකට ගිහින් බලන්නකො....

පොටෝෂොප් වලින් වැඩ දාමු.........

     ඔයාල දන්නවද මේ වගේ ආට් දාන්න පොටොෂොප් වලින්.... හරිම ලේසියි. බ්රෂ් එකෙන් තමා වැඩේ කරන්නෙ.. බලන්නකො පහල තියන පොටෝ එක...


 

                               

මීට වඩා ලස්සන වැඩ දාන්න පුලුවන් ගේමක් නැතිව... මම පහල දාල තියන සයිට් එකට ගිහින් කැමති කැමති බ්රෂර්ස් තොරගෙන බාගන්නකො... මෙතනින් යන්න ඕක‍ට ගිහින් බාගෙන් ඉවර වෙලා බාගත්තු ZIP ෆයිලි EXTRET කරගන්න.. දැන් ඒ EXTRET කරගත්ත ෆයිල් COMPUTER - LOCAL DISK C - PROGRAM FILES - ADOBE - ADOBE PHOTOSHOP CS3 - Presets - Brushes කියන folder එකට කොපි කරන්න... මම ඔය ෆයිල් ලොකේෂන් එක දැම්මෙ උදාහරණයක් විදිය‍ට ඔයාල පොටොෂොප් INSTALL කරගත්තු තැනට ගිහින්  Presets - Brushes තැනට දාගන්න හොදද? ඊට පස්සෙ පොටොෂොප් ඕපන් කරල බරෂ් ටුල් එක අරගෙන PAGE එක උඩ right click කරල දකුනු පැත්තෙ උඩ තියන ඊතලේ click කරල පහල බලන්න ඔයා extret කරල දාපු  එකේ නම ඇති.... ඒක දාල කැමති වැඩ දාන්න....

Wednesday, July 6, 2011

අද මට ගොඩක් සතුටු දවසක්..

                                                         අද මට ගොඩක් සතුටු දවසක්.. මොකද මගෙ බ්ලොගියෙ 1000 ඉකමවාල බලපු අය.. මම මේක හදල මාස එක හමාරයි.. කිසිම සින්ඩියකටවත් ගත්තෙ නෑ.... මම සිංහල බ්ලොග් කියවනයට දැම්ම දෙපාරක් ඒත් කිසිම පිලිතුරක් නෑ... මම හිතනව මගෙ බ්ලොගිය ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල... ඒත් මට දුක මගෙ කාටවත් කිසිම තේරුමක් නැති ‍බ්ලොග් මම දැක්ක ගොඩක් සින්ඩිවල තියනව.. එ මම දැකපු ‍බ්ලොග් එක්ක මගෙ බ්ලොග් එක ගොඩක් අයට වැදගත් කමක් තියනව කියල මම හිතනව.. මම ස්තුති වෙනව මට වැරදි කියල දුන්න අයට මාව ෆලෝ කරන අයට මේ බ්ලොග් එක බලපු අයට.....




Saturday, July 2, 2011

Smallville බැලුවද?

ඔයා ෆිල්ම් බලනව නේද? ලංකාවෙ ටීවී වල යන කථා බල්‍නවද? ඒත් ඉතින් ලංකාවෙ කථා සීයක් ගියත් ඕවගෙ යන්නෙ එකම දෙවල්නෙ ලවු බූටි කේස් පවුල් ප්‍රශ්ණ එහෙමනෙ නේද? මොකද ඇමෙරිකාවෙ කථාවක් බැලුවොත්...... මම එපිසෝඩ් සේරම බැලුව ඒත් කියන්නනම් බෑ... කිවුවොත් අගයක් නෑනෙ ඔයාලට මම කියන නිසා එකක් බාගෙන බලන්නකො සේරම බලනව අනිවා...... මම ටොරන්ට් එක දාන්නම් ඔය ටොරන්ට් ෆයිල් එක ඕපන් කරල 1 කොටස විතරක් බාගෙන බලන්නකො... බලල හොදනම් සේරම බාගන්න.. 





Friday, June 24, 2011

ලොක් කරනවනම් මෙන්න බඩු..........

ෆොල්ඩර් ලොක් කරන්න නියම සොෆ්ට් එකක් තමා මේක.. ගොඩක් අය මේක දන්නව ඇති.. ඒත් මේ සොෆ්ට් එක xp වල විතරයි වැඩ.. නමත් folder XP නෙ.. ඒත් ඉතින් අපි 7නේ.... 7 වලටනම් එකෙන්ම ගන්න තැනක් තියනව.. එත් මෙවුව දෙන්න ඕනෙ.. මොනවද මෙවුව කියන්නෙ.. මෙවුවටද? ආආ එවුව තමා... $ . මම පැය ගානක් හොයල‍ හොයල හොයා ගත්ත..





අපිට කොයින්ද මෙවුව... මෙතනින් බාගෙන ඉන්ස්ටෝල් කරන්නකො..  ඔයා‍‍ගෙ රහස් අංකෙකුත් දෙන්නකො.. ක්‍රැක් එකත් දාගන්නකො... දැන් හරිනේ.... ඔයාට ලොක් කරන්න ඕන folder එක ඇදල දාන්න.. දැන් හරි.. ඔයාට ඔය සොෆ්ට් එක ඕපන් කරන්න ෂෝට්කට් එකකුත් දාගන්න පුලුවන්.. options--set hot keys--enable hot keys එක‍ට ටික් එකක් දාල open lock folder xp කියන තැනට A අකුර ඔබන්න.. එතන්ට දැන් ctrl+shift+A කියල ඇවිත් ඇති.. ok කරල වහල දාන්න.. දැන් ctrl+shift+A ඔබල බලන්න







 ඕකෙ පාස්ව්ර්ඩ් එක ගහල ඕලන් කරලෙන ඕන දෙයක් හංගන්න.... බායි.............................





Saturday, June 11, 2011

අවිරා ප්‍රීමියම් අවුරුද්දකටම......

මම කලින් පෝස්ට් එකකදි පො‍රොන්දු උනා‍නෙ අවිරා හොයල දෙනව කියල.. අවිර කියන්නෙ දැන් තියන සුපිරිම වයිරස් ගාඩ් එකක්නෙ. වැඩි කතා ඹ්න්නෑ ඔන්න ටොරන්ට් එක....
මෙතනින් බාගන්න..




Sunday, June 5, 2011

පෙන් එකෙන් 7 දාමු



‍‍කෙලින්ම වැඩේට බහින්නම්... මුලින්ම කොම්පීතෙට 4GB හෝ ඉට වැඩ් පෙන් එකක් ගහන්නකො usb port එකට START > RUN > ගිහින් CMD ටයිප් කරල ENTER කරන්නකො..



1

හරි දැන් command pomp එක අව නේද? ඔය තියන්නෙ පහල




2

ඔකෙ CD/ කියල ටයිප් කරන්නකො..ENTER කරන්න.  පහල විදියට..




3


දැන් CD WINDOWS කියල ටයිප් කරන්නකො CD හිස්තැනක් WINDOWS හොදද? පහල දාල තියනනෙ.
ඕකන් ENTER කරන්නකො..



4


 ඉට පස්සෙ CD system32 කියල ටයිප් කරන්නකො.. ENTER කරන්න. පහල විදියට...



5



 දැන් DISKPART කියල ටයිප් කරල ENTER කරන්නකො.. 6 රූපයෙ තියන්නෙ..




6


LIST DISK කියලත් ටයිප් කරල ENTER කරන්නකො.. පහල දාල තියන්නෙ.. LIST DISK කියල ටයිප් කලාම පහල 7 රූපය විදියට එනවනෙ.. ඔකෙ තියනව පහලට disk 0, disk 1, disk 3 කියල ඔකෙ disk 0 කියල පෙන්නන්නෙ හාඩ් එකනේ.. disk 1 කියල පෙන්නන්නෙ පෙන් එ‍ක හොදද?




7

 දැන් මෙහෙම ටයිප් කරන්නකො SELECT DISK 1 ඕකත් ENTER කරන්න..




8


උඩ විදිය අවනෙ.. දැන් CLEAN කියල ටයිප් කරන්න.. ENTER කරන්න..



9


හරිනේ...  අයෙ මෙහෙම ටයිප් කරන්නකො.. CREATE PARTITION PRIMARY ඕකත් ENTER කරන්න.



10


උඩ විදියට ආවනම් මෙකත් ටයිප් කරන්නකො  SELECT PARTITION 1 කියල.. ENTER කරන්න..



11


හරි නේද? ACTIVE කියල ටයිප් කරන්න.. ENTER කරන්න..

12


FORMAT FS=NTFS කියලත් ටයිප් කරන්නකො.. ඕකත් ENTER කරන්න.. FORMAT වෙන්න ටිකක් වෙලා යයි හොදද? විනාඩ් 5ක් විතර.


13

ASSIGN කියලත් ටයිප්  කරන්නකො.. ENTER කරානෙ. කරාට පස්සෙ 15 රූපයෙ විදියට පෙන් එක auto ඕපන් වෙයි.. ඒක clos කරල දාන්න..


14


15

දැන් EXIT කියල ටයිප් කරල ENTER කරන්න. ඒකත් පහල දාල තියනව.



16

දැන් 7 සිඩී එක ඕපන් කරල එකෙ තියන file සේරම පෙන් එකට කොපි කරන්න. ඉට පස්සෙ cpu එක රීස්ටාර්ට් කරල bios settings වල boot settings වල usb pen එක තෝරල seve කරන්න.. දැන් වින්ඩෝස් ලොඩ් වෙයි.. මම හිතනව හැමෝටම පැහැදිලි වෙන්න ඇති කියල.. කොමෙන්ට් එකක් දාල යන්න වැදගත් උනානම්..

Saturday, June 4, 2011

‍‍නොමිලේ එන වයිරස් නොමිලේම සුව කිරීම



                                            නොමිලේ එන වයිරස් නොමිලේම සුවකරමු.... ඒ කොහොමද බොල ඒ.. මේකෙ නම තමා security 360 මෙමගින් ස්පයිවෙයා,බූට්වයිරස්,ට්‍රෝජන්ස්,කී ලොගර්ස්,බූට්වයිරස්,වර්ම්ස්,හයිජැකර්ස්, ඇඩ්වෙයා වැනි හැම නරක වැඩසටහන් වලින්ම පූර්න ආරක්ෂාව විදීමට පුලුවන්.. සෙකියුරිටි 360 කියන්නෙ නිකම්ම නිකන් දෙන වැඩසටහනක්.. මේක නිකම්ම නිකන් දුන්න‍ට අපි දහස් ගනන් ගෙවල ගන්න එවටත් වඩා හොදයි.. ඔවු ඔවු කැස්පට වඩා කොහොමත් හොදයි.. ඔවු ඔවු අප්ඩේටුත් දෙනවා ඔන්ලයින් තමා.. ආ...... මට කියන්න අමතක උනානේ.. මේකෙ රෙජිස්ට්‍රියෙ අවුලක් ගියොත් ඒකත් හදා ගන්න පුලුවන්.... මෙතනින් බාගන්න 

ඔකෙ පහලම තියනව security 360  එතනින් බාගන්න.

 

 

 

Friday, June 3, 2011

අපේ කූඩුව

අපේ වෙසක් කූඩුව.. දවස් දෙකෙන් හැදුවෙ..
කැරකෙනව ‍කැරකෙනව.... කැරකෙන්න නැතුව කූඩු හදනවෑ.. පොසොන් එකටත් හදනව මොකක් හරි....

Sunday, May 29, 2011

ලස්සනට මූණූ හදන්න

                                                       අදත්‍ ‍‍ගෙනාවෙ සොෆ්ට් එකක් තමා.. මෙකෙ වැඩ ගැනනම් කියල නිම කරන්න බෑ. අනික තමා මේකෙන් කරන්න පුලුවන් දෙවල් මේ සොෆ්ට් එකේම කරන විදියත් එක්කම ‍වීඩියෝ විදියට තියනව.. මෙක පොටෝ හදන එකක්. ඇත්තෙන්ම කියනවනම් මෙකෙන් පුළුවන් වයස කෙනෙක් තරුන කරන්න. මෙගාබයිට් 3යි තියන්නෙ. මූනෙ තියන අව පැහැ තැන් කුරුලෑ වගේ ඒව ‍ගෙමක් නැතුව අයින  කරන්න පුලුවන්..



බගෙනම බලන්නකො..
කොමෙන්ට් එකක් ‍‍දාන්න අමතක කරන්න එපා

Saturday, May 28, 2011

අවිරා


 අවිරගෙ ගුණ... ඇත්තෙන්ම කවුරු මොනව කිවුවත් ලෝකෙ හොදම වයිරස් ගාඩ් එක අවිරා.. අවිර මාරම පහසුයි.. ආදුනිකයෙකුට වුනත් ලේසියෙන්ම බාවිතා කරන්න පුලුවන්. පරිගණකය ස්ලෝ වීමක් වෙන්නෙම නෑ.. සේරම අවාස්‍ට් හොදයි හොදයි කියන නිසා මමත් දාගෙන බැලුව.. ඇත්තටම හොද ගාඩ් එකක්.. ඒත් අවිරට වඩා ස්ලෝ.. මට එ දෙකම පාවිච්චි කරපු නිසා කියන්න පුලුවන් අවාස්ට වඩා අවිර ඉදිරියෙන්..
                               ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් අවිරට වඩා යූසර්ලා ඉන්නෙ අවාස්ටනෙ කියල.. ඔවු.. අවිරට යූසර්ල අඩු අවිරාගෙ ගනන් නිසා.. අනික තමා කවුරුත් දන්න autorun.inf ඔක අල්ලන්නෙ අවිර සහ අවාස්ට් විතරයි.. හොදයි හොදයි කිවන කැස්පටවත් බෑ ඕක අල්ලන්න.. කැස්ප කියන්නෙ මහ චාටර් ගාඩ් එකක්.. ඉට වඩා අවාස්ට් ෆ්රී එක හොදයි.. අවිරා අප්ඩේට් වුනත් කිසිම ප්‍රශ්නයක් නැතිව මැනුවලි වුනත් ඩවුන්ලෝඩ් කරගෙන දාන්න පුලුවන්. 


                                            ඔය තියන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක් 
ආසයි නෙ..!! මමනම් යූස් කොරන්නෙ අවිරා premium security suit..  ඕනෙද
‍ඒත් දෙන්න විදියක් නෑ මම යූස් කොරන්නෙ ඔරිම ඔරිජිනල් එක.. එක දෙන්න විදියක් නෑනෙ. සොරි තමා..   avira premium ට්‍රයල් එක තියනව දවස් 30කට.. දාගෙන බලන්නකො එලම තමා. අවිර සයිට් එකෙන්මයි මෙතනින් බාන්න  
‍මම ලගදිම ක්‍රැක් එකක් හොයල දාන්නම්කො... අවිර ෆ්රී එකත් නියමයි අනිත් ඒව බලද්දි.. 

Friday, May 27, 2011

වින්ඩෝස් 7 ද දාගෙන ඉන්නෙ? සිංහල ටයිපින් කේස් නේද?

                              වින්ඩෝස් 7 ද දාගෙන ඉන්නෙ? සිංහල ටයිපින් කේස් නේද? මටත් තිබුන ඔය ප්‍රශ්නෙ. හොයල හොයල සොෆ්ට් එකක් හොයා ගත්ත.. දැන්නම් එලටම ටයිප් කරන්න පුලුවන්.. මේක විස්ට පැක් එකට හදපු එකක් එ වුනාට 7 වලට එලටම වැඩ.. පහලින් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.. 2MB ෆයිල් එකක්..


ඔයාගෙ කොම්පීතෙ heat එක බලන්න නියම SOFT එක

ඔයාගෙ කොම්පීතෙ heat එක බලන්න නියම SOFT එක. තව මෙකෙන් කරන්න පුලුවන් ‍ower heat වෙද්දි auto කොම්පිතෙ off කරන්නත්.. වැඩි කතා ඕන්නෑ බාගෙනම බලන්නකො..


Saturday, May 14, 2011

ලන්ච් ශීට් වලින් ආලෝකමත් පහනක් උඩ යවන්න


  1. 2600 සම්බුද්ධ ජයන්තිය‍ට පහනක් අහසට ය‍වමු.....සිම්පල් ප්ලෑන් එකක්.. lunchsheet 6 ක්,(බත්
    කොල තුනීම එක ගන්න)
    ් කම්බි කෑලි 2ක්. (1-අගල් 10ක් දිග, 2-අගල් 6ක් දිග) පහන් තිර 2ක්, ඒ සේරම ගෙදර තියනවනෙ.. එ‍හෙනම් මෙහෙම තලාගන්න.. යම් තුනී මතුපිටක තියල මිටියකින් තලා ගන්න.. මම රූප සටහන් දාල තියනව.. පැහැදිලි වෙන්න..  

මේ තියන්නෙ ‍කොල 5ක් තලාගත්තාම එන විදිය..
    

අගල් 10 කම්බිය මෙහෙම නවා ගන්න රවුමට.. නමාගෙන 6 කම්බිය හරහ‍ට අමුනන්න.. මේ විදියට..

දැන් 6 වෙනි lunchsheet එක මෙහෙම කපා ගන්න.. 

කම්බියෙන් නවා ගත් රවුම 

දැන් කලින් හදාගත්ත lunchdheet 5ට මේකත් එකතු කරන්න..




ඉටපස්සෙ මේ විදියට පහන් තිරයක් කම්බි කෑල්ලකින් බදින්න..



 
දැන් දෙපැත්තෙන් දෙන්නෙකුට අල්ල ගන්න කිය‍ලා අනිත් පහන් තිරය පත්තු කර ඇතුලට දමා දුම් පිරෙන තෙක් අල්ලන් ඉද බැදපු පහන් තිරයත් ඒකෙන්ම පත්තු කරන්න.. දැන් හෙමීට උඩ දාන්න..


Tuesday, May 10, 2011

‍ගොඩක් 478(පෙන්ටියම් 4) මදර්බෝඩ් වල ‍1MB 2MB cach එකක් දාල ප්‍රොසෙසර් තියන ඒව‍ට සාමාන්‍ය කූලිං ෆෑන්

                                                අදත් ආව පෝස්ට් එකක් දාන්න. අදනම් ලියන්නෙ වලේ ඉදන්මයි... අද පෝස්ට් එක ගොඩක් අයට වැදගත් වෙයි.. ලියන්නෙ අපේ කොම්පීටෙ ගැන තමා... ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමා මේක ගොඩක් රත්වෙන එක.. මම ‍ගොඩක් 478(පෙන්ටියම් 4)  මදර්බෝඩ් වල ‍1MB 2MB cach එකක් දාල ප්‍රොසෙසර් තියන ඒව‍ට සාමාන්‍ය කූලිං ෆෑන් දාල තියනව..

 

 

                                        මේ තියන්නෙ සාමාන්‍ය කූලිං ෆෑන් එකක්


 නමුත් ඒවගේ ප්‍රොසෙසර් වලට මෙ වගෙ කූලිං ෆෑන් දාපුවවාම රත් වෙන එක අහන්න දෙයක් ඈ....

 

 


                                       ඒවට දාන්න ඕනෙ මේ වගේ තඹ කූලිං ෆෑන්...



 

                                      අනික තමා ප්‍රොසෙසර් එකයි හීට්සිංක් එකයි හරියටම ස්පර්ෂ නොවීම.. අපි පරණ කූලර් එකක් හරි ප්‍රොසෙසරයක් මාරු කරද්දි හරි ගොඩක් අය කරන වරදක් තමා ප්‍රොසෙසර් එකෙයි හීට්සිංක් එකෙයි පරන ලිහිසි ද්‍රව්‍ය තිබීම (එ මොනවද යකෝ) (computer කඩ වල තියනව රු100යි) හරි හරි මම කියල දෙන්නම්... silicon gell එහෙමත් නැත්තම් silicon compound.. ‍අනේ අර ප්‍රොසෙසර් එකෙයි හීට්සිංක් එකෙයි සුදුපාට ජාතියක් ‍ගාන්නේ.. හරිනේ..... (එව මොකටද? අපේ cpu වල ඒව නෑ ඔය අගේට වැඩ කොරන්නෙ) ඔවු ඔවු වැඩ කරනව තමා.. ඒත් රත් වෙනව වැඩියි..


                                                  අනික ඒව නැතුව use කරන ප්‍රොසෙසර් වල පැවත්මත් අඩුයි... මාසයක් දෙකක් use නරනකොට cpu slow වෙනව.. අත්දැකීමෙන් කියන්නෙ.. silicon compound ප්‍රොසෙසර් එකේ ගාද්දි වුනත් ගාන ක්‍රමයක් තියනවා.. අපේ ගොඩක් tecknicianල නම් ඔව තවරනව.. (‍වැඩි ආද‍රේට වෙන්න ඇති) නමුත් ඒව ගාන්න කලින් ප්‍රොසෙසර් එකයි හීට්සිංක් එකයි හොදට පිරිසිදු කරන්න ඕනෙ.. ඉට පස්සෙ ප්‍රොසෙසර් එකේ ලාව‍ට ගාන්න ඕක‍ට blade එකක් use කරොත් හොදා.. (අත් කපා ගන්න එපා).. දැන් බලන්න..