Tuesday, April 3, 2018

‍Photographer ලාට වැදගත් වෙන එවලෙම ස්ලයිඩ් ‍ෂෝ හදන ඇප් එක

මේ පෝස්ට් එක ලියන්න හිතුවේ මටත් ගොඩක් අකරතැබ්බ වලට මුහුණපාන්න වුනු නිසා. මම එ්කට සොයාගත්ත පිලියම තවත් අයට වැදගත් වෙයි යන සිතින්. චායාරූප ශිල්පීන්‍ට වැඩි වශයෙන් මුහුණපාන්න වෙන දෙයක් තමයි ප්‍රොජෙක්ටර් එකක් තියනවා මේ පොටෝ ටික ස්ලයිඩ් කරලා දෙන්න කියන එක. ඒ වෙලාවට පස්ස ගහන එක හරි මදිනේ. ඕක නිකම්ම සලයිඩ් කලොත් ස්පීඩ් වැඩියි කියනවා ෂූවර්. මියුසික් නෑ. ඔහේ ගොනා වගේ බලන් ඉන්න තමා තියන්නේ බලන අයට. එපා වෙන සීන් එකක්නේ. 



මේ මම කියන්න හදන්නේ ඒකට හරිය‍ටම ගැළපෙන ‍සොෆ්‍ට්වෙයාර් එකක් ගැන. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි දෙන්නේ. මෙගාබයි‍ට් 10 කටත් අඩු ප්‍රමාණයක් තමයි තියන්නේ. ඒ උනාට වැඩනම් සුපිරි. PSD ෆයිල් උනත් මේකෙන් විව් කරන්න පුළුවන්. 

මේ තියන්නේ සප‍ෝට් කරන ඒවා.

මේකෙන් පුලුවන් අපිට එක පොටෝ එකක් කොපමණ වෙලාවක් තියන්න ඕනෙද කියලා තිරණය කරන්න, වගේම බැක්ග්‍රවුන් මියුසික් දාන්න. කරන්න දන්නැත්තම් කොමෙන්ට් කරන්න. කියලා දෙන්නම්.