Tuesday, October 4, 2011

හපෝයි දෙයියනේ කාට කියන්නද?


                                        හපෝයි දෙයියනේ කාට කියන්නද?  මට උන සිද්දියක් තමයි අද කියන්න යන්නෙ. මට නම් තිත්ත උනා අදනම්.. මට හිතුන යාලුවන්ටත් මේක කියන්න ඕනෙ කියල. අපේ ගම තමයි මල්ලැහැව.. ගම්පහ දිස්ත්‍රික්කය.. මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය. මම වැඩ ඇරිල එද්දි තමයි මේ සිද්දිය උනේ. 6.30ට විතර. මම හන්දියෙන් බැහැල වඩේ දෙකකුත් අරන් කකා එනව. ඇවිත් අපේ ගෙදරට එන්න හැරෙන්න පාරක් තියනව. මම එතන්ට ලං වෙද්දි බස් එකක් ඇවිත් නැවැත්තුව. ඒකෙන් බැස්ස එයා ගොඩක් ලස්සනයි කියල හිතාගෙන ඉන්න කැත ගෑනු ලමයෙක්.. අක්ක කෙනෙක්. එයා බැස්ස ගමන් පාර පැන්න. එහා පැත්තෙන් වෑන් එකක් ආව හයියෙන්.. මම හිතුවෙ හරි තමයි කියල. මට කෑ ගැහුන.. එයා ඒකට හැප්පුනානම් කෑල්ලක්වත් හොයා ගන්න හම්බෙන්නෑ. ඒ අක්කගෙ ගෙදර තියන්නෙ අර මම කිවුව පාරට හැරෙන තැනමයිඑයා පුටුව උඩට බෑග් එක විසි කරල වැට ගාවට ඇවිත් මම දිහා බලා ගෙන හිටියා. මම මනුස්ස කම‍‍ට ඇහුව හැප්පෙන්න ගියා නේද කියල..


                                                               ඔන්න දැන් තමයි හොදම හරිය පටන් ගන්නෙ... තමුසෙට මොකද මම හැප්පෙන්න ගියාට තමුසෙට වැඩක් තියකවද? කිවුව. මගෙ ඇස්දෙක ට කදුලු ආව. අම්මේ... මේ බලන්නකො මුන්ට වැඩක් තියනවද මම හැප්පුනා‍ට.. කියාගෙන ගෙට ගිහින් අම්මයි අච්චිලයි එක්කන් ආව ම‍ට පරම් පරාව ගැන කියල දෙන්න.. ආවෙ මෙහෙමයි.. හ්......කවුද? කවුද? ‍අපේ එවුන් හැප්පුනාට තොට මොකටද? කෝ ඕකා ඔහොම හිටපන්.. කිවුව.. මම නැවතුනා.. මම ඇහුව මොකද මොකද්ද වෙන්න ඕනෙ කියල. තෝ දන්නවද අපි කවුද කියල තොපේ මහ එවුන්ගෙන් අහ ගනින් බල්ල තෝ දන්නැතුවයි අපි කවුද කියල. දඩු දික් වලා එනව මෙතන කියල බැන්න නේද ම‍ට.. මම කිවුව මම ඔයාලගෙන් කන්න බොන්න ඉල්ලන්නෑ මට අම්මයි තාත්තයි කන්න දෙනව. උබලගෙ ලොකු කම් මට වැඩක් නෑ.. උබලගෙ ලොකුකම් උබල තියා ගනිල්ල කියල මම පොඩි හූවකුත් තියල මම ආව. ඒත් ම‍ට හොද කුනුහරපෙන් බැන්න. එයාලගෙ මහන්තත්ව කම මම එවෙලෙ හොදට දැක්ක.. කාට කියන්නද මෙවුව. මෙහෙම තිරිසන් මිනිස්සුත් එක්ක ජීවත්වෙන්න අපිත් පවු කරල ඇති පෙර ආත්මෙක.

7 comments:

  1. illan puke dainamait gahagannawa kiyanne mewata thamai

    ReplyDelete
  2. ගනන් ගන්න එපා යාළුවා. ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි. කිසිම චාරයක් නැතුව ලෝකෙට සුද පෙන්නගෙන ඉන්න සමාජ සත්ත්වයෝ අපි අතර ඕනෑ තරම්. මේක ඔයාගේ ජිවිතයටත් මේක බලන හැම කෙනෙකුගේමත් ජීවිතේට ලොකු පණිවිඩයක්. මේක බ්ලොග් එකට දැම්මට ගොඩක් ස්තූතියි. සුභ අනාගතයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුති යාලුව ජය වේවා

      Delete
  3. ගනන් ගන්න එපා යාළුවා. ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි. කිසිම චාරයක් නැතුව ලෝකෙට සුද පෙන්නගෙන ඉන්න සමාජ සත්ත්වයෝ අපි අතර ඕනෑ තරම්. මේක ඔයාගේ ජිවිතයටත් මේක බලන හැම කෙනෙකුගේමත් ජීවිතේට ලොකු පණිවිඩයක්. මේක බ්ලොග් එකට දැම්මට ගොඩක් ස්තූතියි. සුභ අනාගතයක් වේවා!

    ReplyDelete
  4. සමහරු ඔහොම තමයි.මමනම් කියන්නෙ ඔවගෙ එවුන්ව බල්ලෙක් ගානටවත් ගනන් ගන්න එපා.

    ReplyDelete
  5. ඔහොම එවුන්ව ගනන් ගන්න නරකයි. ඒවුනාට එහෙමයි කියල අපේ මනුස්සකම නැති කරගන්න ඕනෙ නෑ. පුලුවන් හැම වෙලාවෙම අනුන්ට උදවු කරන්න. කවුරු බැන්නත් “මට නෙවි“ ගානට ඉන්න. කවදාවත් නරකක් වෙන්නෙ නෑ.

    ReplyDelete