හපෝයි.. මේ වැස්ස මදිවට කරන්එකත් කපල. දැන් ඉතින් පැය ගානක් කපනවලුනෙ කරන්ට්එක. මොනාකොරන්නද. මේකත් මේ කනත්තෙ සෙට්එකකගෙ වැඩක්, ඉතින් අපි සරුංගල් අරිනවනෙ. එතන තියනව ඔයක් ඉතින් අපි සරුංගල් උඩ ඇරල ගහක බදිනව නූල. බැදල ඔයෙන් නානව. අපේ සෙට්එකේ නම් කිවුවොත්. සත්තු තව එක එක ජාතියෙ උන් ඉන්නව, මුවා, ඉස්ස, වලය, කනා, කුස්සිය, ලකිය, බක්ක, මේ ටිකක් විතරයි. ඔය වගේ. ඉතින් අපි සරුංගල් අරින තැන තියනව රතු ගොරක ගහක්. ඉතින් කට්ටියම සරුංගල් උඩ ඇරල ඕකෙ තමා ඉන්නෙ. මොකද ඒකෙ ගෙඩි වල මදේ රසයි. මැංගුස් වගේ. මැංගුස් වගේ කිවුවට චූට්ටක් මැංගුස් වලට වඩා රස අඩුයි. ඔන්න ගහේ අයිති කාරය ඇවිත් බැනපි දවසක්.
තොපි මොකද බොලවු කොරන්නෙ, පලයවු හැත්ත ගොරක ඔක්කොම ඉවරයි මෙතන හැම .තැනම දාල. කියල පහල හිටපු උන් ඔක්කොම පැනල දිවුව. ඉතින් ගහ මුදුනෙ ඉන්න අපි. මක්කැයි කොරන්නෙ. ඇහුන්නෑ වගේ බැහැල ගිය. මේකි නිකන් බනින්නෙ මේකිගෙ දුව ඇරං ගියා වගේනෙ. එකෙක් කියපි. මොකද්ද බොල තොපි කිවුවෙ කියල අතේ තිබුනු මඤ්ඤොක්ක ලීයත් අරං ආපි නේද මේකි. මොනා උනත් ගෑනුන‍්‍ට ගහන්න බෑනෙ, අපි සෙට් එක දිවුව ඉතිං වෙල මැදට. අයිති කාර ගෑනි දිහා අපි වෙල මැද්දට වෙලා බලන් ඉන්නව. හොද හොද පද කිය කයා.. ඕකිට හෙනම ගහපිය, ගොරකයක් කෑවට මක්වෙනවද? කිය කියා.. ඉතින් මේ අස්සෙ අපේ එකෙක් ගෑනිට ගිහින් මේහෙම ටෝක් කරනව. හෝවු හෝවු ඇන්ටි මෙහෙම කරමු. ඔය හැමතැනම දාල තියන එවුව අපි ඇහිදල දෙන්නම්. මොකද අපි පොත්ත කන්නෑනෙ. අපි මදේ විතරන කන්නෙ. නැ නෑ නෑ ඕන්නෑ මම ඇහිද ගන්නම් තොපි මේ වත්ත පැත්ත පලාතට එන්න එපා කියපි නේද මේකි. ඒකටනම් අපිට අසූ හාරදාහට තද උනි. ගෑනියෙ දැනගනින් ගහ කපල විකුණණව දරට..!! අපිට ගොරක පොතු වැඩක් නෑ බොල. මදේ විතරයි කෑවේ. අපේ වැරැද්ද නිසයි ඇහිදල දෙන්න ඇහැවුවෙ. අමාරුවකට නෙවේ. කියල බැනගෙන බැනගෙන ගියා. ගෑනිට කට උත්තර නෑ.
ගෑනි ගියා යන්න, ඉතිං අපි අදනම් අර කාලකන්නි ගෑනිගෙ ගොරකෙ කන්න යන්නැතුව ඉමු. මොකටද නිකන් පද අහගන්නෙ කිය කියා කතා වෙල අපි ගියා සරුංගල් අරින්න. සරුංගලේ උඩ ඇරියට පස්සෙ මොන බම්බුවක් කරන්නද. වචනෙ අමතකවෙලා එකෙක් පැන්න ඇලෙන් එහා පැත්තට. ඇලෙන් එහා පැත්තෙ තියන්නෙ ගොරක ගහ ඇ. ඉතින් උ ගහවටේ වැටිල තියන එව්ව කනව. අපිටත් එවනව. රස ඉවසන්නම බෑ දැන්නම්, ඔන්න ඉතිං ෂේප් එකේ එකා දෙකා ගහට නගිනව, හැබැයි අදනම් ගෙඩි ඔක්කොම බිමට කඩල බෙදාගෙන පොතු එක තැනකට දැම්ම. අදත් ගෑනි එනව කැලේ කඩාගෙන. ආපු ගමන් ආ ඇන්ට් කියල දුන්න. වචනයක්වත් කිවුවෙ නෑ මේකි. ආ... ඔහොමනෙ ඉන්න ඕනෙ කියල අපි හොද ළමයි උනා. :p