අදත් ආව පෝස්ට් එකක් දාන්න. අදනම් ලියන්නෙ වලේ ඉදන්මයි... අද පෝස්ට් එක ගොඩක් අයට වැදගත් වෙයි.. ලියන්නෙ අපේ කොම්පීටෙ ගැන තමා... ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමා මේක ගොඩක් රත්වෙන එක.. මම ගොඩක් 478(පෙන්ටියම් 4) මදර්බෝඩ් වල 1MB 2MB cach එකක් දාල ප්‍රොසෙසර් තියන ඒවට සාමාන්‍ය කූලිං ෆෑන් දාල තියනව..

මේ තියන්නෙ සාමාන්‍ය කූලිං ෆෑන් එකක්
නමුත් ඒවගේ ප්‍රොසෙසර් වලට මෙ වගෙ කූලිං ෆෑන් දාපුවවාම රත් වෙන එක අහන්න දෙයක් ඈ....

ඒවට දාන්න ඕනෙ මේ වගේ තඹ කූලිං ෆෑන්...
අනික තමා ප්‍රොසෙසර් එකයි හීට්සිංක් එකයි හරියටම ස්පර්ෂ නොවීම.. අපි පරණ කූලර් එකක් හරි ප්‍රොසෙසරයක් මාරු කරද්දි හරි ගොඩක් අය කරන වරදක් තමා ප්‍රොසෙසර් එකෙයි හීට්සිංක් එකෙයි පරන ලිහිසි ද්‍රව්‍ය තිබීම (එ මොනවද යකෝ) (computer කඩ වල තියනව රු100යි) හරි හරි මම කියල දෙන්නම්... silicon gell එහෙමත් නැත්තම් silicon compound.. අනේ අර ප්‍රොසෙසර් එකෙයි හීට්සිංක් එකෙයි සුදුපාට ජාතියක් ගාන්නේ.. හරිනේ..... (එව මොකටද? අපේ cpu වල ඒව නෑ ඔය අගේට වැඩ කොරන්නෙ) ඔවු ඔවු වැඩ කරනව තමා.. ඒත් රත් වෙනව වැඩියි..
අනික ඒව නැතුව use කරන ප්‍රොසෙසර් වල පැවත්මත් අඩුයි... මාසයක් දෙකක් use නරනකොට cpu slow වෙනව.. අත්දැකීමෙන් කියන්නෙ.. silicon compound ප්‍රොසෙසර් එකේ ගාද්දි වුනත් ගාන ක්‍රමයක් තියනවා.. අපේ ගොඩක් tecknicianල නම් ඔව තවරනව.. (වැඩි ආදරේට වෙන්න ඇති) නමුත් ඒව ගාන්න කලින් ප්‍රොසෙසර් එකයි හීට්සිංක් එකයි හොදට පිරිසිදු කරන්න ඕනෙ.. ඉට පස්සෙ ප්‍රොසෙසර් එකේ ලාවට ගාන්න ඕකට blade එකක් use කරොත් හොදා.. (අත් කපා ගන්න එපා).. දැන් බලන්න..
No comments:
Post a Comment