Wednesday, July 11, 2012

ගි‍ටාර් ගහමු මුල සි‍ට සරලව

                 ඔන්න මම හිතුව ‍කනත්තට එන සෙ‍ට් එකට ආතල් එකක් දෙන්න. මම දන්න විදිය අපි හැමෝම සංගීතෙට ආසයි. ඒත් දාහක‍‍ට එකෙක් වගේ ඉන්නව සිංදුවක් වත් අහන්න අකමැති අපි අහනව බලනවටත් අකමැති මුස්පේන්තුවො. රායිට්.. අපිට උන්‍‍‍ගෙන් වැඩක් නෑ කතාවට බහිමුකො. ඇත්තම කියන්නම් පටාං ගන්න කලියෙන්. මම සංගී‍තෙ ගැන ගොඩා.ක් දන්නැහැ. මම ඒත් ඉගෙන ගනිමිනුයි ඉන්නෙ. මට සර් කියල දෙන දේවල් අඩුවක් නැතුව මම කියල ‍දෙන්නම් මුල ඉදන්. හරි අපි වැඩේ එහෙනම් මෙතන ඉදන් පටන්ගමු. 

                        සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඒ වගේම ‍මේ ජන සමාජය ආරම්බයත් සමග පැවත එන ජන සංනිවේදන ක්‍රම අතරින් එකක් වෙන‍‍ව. ඒ කියන්නෙ යම් දෙයක් පැවසීමට. සංගීතය කියන දේ උපදින්නෙ එහෙමත් නැත්තම් හැදෙන්නෙ කාලයයි නාදයි එකට එක්වීමෙන්. 

                    සුන්දරත්වය හා හැගීම් ජනිත කරවන අයුරින් ධ්වනි එහෙමත් නැත්තම් SOUND සකස් කිරීමට සංගීතය කියනව. ඒ වගේම සංගීත රචකයා ඔහුගේ හිතේ ජනිත වන සංගීතමය සිතිවිල්ලක් ප්‍රකාශ කලහැකි ප්‍රකාශන මාධ්‍යක් ලෙසද සංගීතය හදුන්වනව. මේ මම ලිවුවෙ සංගීතය පිලිපද අර්ථ දැක්වීම් කිහිපක් පමණයි.





‍                    ධ්වනි කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. සංගීතමය ධ්වනි සංගීතමය නොවන ධ්වනි වශයෙන්. සංගීතමය ධ්වනි වලට නාද එහෙමත් නැත්තම් Notes කියනු ලබනව.   සංගීතමය නොවන ධ්වනි වලට ශබ්ද එහෙමත් නැත්තම් Noise යයි කියනු ලබනව. සංගීතමය කටයුතු සදහා නාද යොදා ගන්නව. ඒත් සමහර අවස්ථා වලට ශබ්දත් යොදාගන්නව. 

නාද වලට ප්‍රධාන ලක්ෂන තුනක් තියනව. අපි බලමු මොනවද ඒ කියල.
  1. තාරතාවය - Pitch (නාදයේ උස් පහත් බව‍ට තාරතාවය කියා හදුන්වනව.)
  2. ත්‍රිවුතාවය - intensity (රූප ‍බේදය)
  3. ජාතිබේද - timbre
අපි එකින් එක විස්තර බලමු.

තාරතාවය

                     නාදයේ උස් පහත් බව තාරතාවයයි. ඕගනයක හෝ පියානෝවක යතුරු පුවරුවට මුහුණ ලා වාඩි උවහොත් ඔහුගේ දකුනින් පිහිටි යතුරු (Keys) මගින් උස් තාරතාවකින් යුත් නාද හටගනී. එසේම පුද්ගලයාගෙන් පුද්ගලයාට කථාකිරීම හා ගීත ගායනා කිරීම ඉතා උස් හඩකින් හා ඉතාම පහත් හඩකින් යුතු අවස්තා අපට දකින්න පුලුවන්. සරල නිදසුනක් ගතහොත් ස්ත්‍රී කටහඩ උස් තාරතාවකින් යුත් අතර පුරුෂ කටහඩ පහත් තාරතාවකින් යුක්ත වේ.

රූප භේදය

(විපුලතාවය, ත්‍රිවු තාවයය)
යම් සංගීත භාන්ඩයක් (පියානෝව, ගිටාරය, වයලීනය, බටනලාව, ඩ්‍රම්ස්) වාදනය කිරීමේදි ඒ සදහා යොදන බලය අනුව එහි හඩ පැතිරීම අඩු හෝ වැඩි වේ. මේසේ යොදන බලය අනුව හඩ පැතිරීමේදී සිදුවන අඩුවැඩි බව රූප බේදය වේ. වැඩි බලයක් යොදා වාදනය කලහොත් වැඩි දුරකට හඩ පැතිරේ. ගීත ගයනයේදීද මෙම ගුණය දැකිය හැක.

ජාතිබේද

ඒක් එක් සංගීත භාන්ඩයන්ගෙන් නිකුත් වන හඩ සංගීත භාන්ඩයෙන් භාන්ඩයට වෙනස් වේ. මේම වෙනස ජාති බේද වේ. පියානෝවක් වාදනය වන විට යමේකුට එය ඇසීම මගින් ඒය පියානෝවක් කිය නිගමනය කප හැක. මේය එම සංගීත භාන්ඩයේ ජාති ගුණය නොහොත් ධ්වනි ගුණය ලෙද හැදින්විය හැක.

පෙරදිග සංගීතයේ මෙන්ම  බටහිර සංගීත ක්ෂේස්ත්‍රයේද ප්‍රධාන වශයෙන් ස්වර හතක් නම් කර තියනව. ඒව ශුද්ද ස්වරනම් වෙනව.  අපි බලමු මොනවද ඒ කියල,

අපි හැමෝම දන්න දෙයක්නෙ,‍

                                                    ස      රි       ග       ම      ප      ධ      නි
                                                    C      D       E       F      G      A      B

උඩ තියන්නෙ පෙරදිග සංගීතයෙන් තියන ස්වර හත, ඒ සමගම පහල තියන්නෙ ඉංග්‍රීසි අකුරු වලින් බටහිර සංගීතයේ ස්වර හත. මෙම ශූද්ද ස්වර තෝරාගෙන තිබෙන්නෙ එකිනෙකට වෙනස් නාදයන් දොලහක් අතරින් වේ. එනම්


                 C         C#       D        Eb        E           F         F#         G       Ab       A        Bb       B
                 ස          රි         රි                  ග           ම         ම'          ප               ධ         නි       නි

‍මේ තමයි පෙරදිග බටහිර ස්වර දොලහ. එහෙනම් අදට ඇති.‍ මේ ටික හොදට කිවයවල මතක තියා ගන්න.
 මෙය පීඩීඑෆ්  PDF එකක් විදියට ‍ඩවුන් ලෝඩ් කර ගන්නමෙතනින් 
             

1 comment:

  1. නියමයි!
    මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා!
    ජය වේවා!

    ReplyDelete