Tuesday, October 9, 2012

ටොරන්‍ට් ඩිරෙක්ට් බාන්න

‍ටොරන්ට් ඩිරෙක්ට් බාන්න කියල දෙන්නයි හදන්නෙ. හැබැයි මේක පරන සීන් එකක්. දන්න අය ගොඩාක් ඇති. මගෙන් ගොඩක් අය අහපු නිසයි දන්න අය වගේම තවත් නොදන්න අය ඉන්න නිසයි දාන්නෙ. වැඩේ ප‍ටාං ගමුකො.

http://zbigz.com/  මේ සයිට් එකට යන්නකො ඉස්සර්ලාම.



මේක තමා උඩ දාල තියන ලින්කුවෙන් ගියාම එන්නෙ.. ඕකෙ තියන Upload Torrent File කියන එක ඔබල අප්ලොඩ් කරගන්න ඕයාලගෙ ටොරන්ට් ෆයිල් එක.

එහෙම නැත්තම් ඔය තියන සර්ච්බාර් එකට ටොරන්ට් එකේ ලින්කුව කොපි කරන්නත් පුලුවන්. දැන් Go කියන බොත්තම ඔබන්න. ඊට පස්සෙ මේ පහල තියන විදියට එනව. දැන් ඔය ‍Free කියන බොත්තම ඔබන්න..


දැන් පහල පොටෝ එක විදියට එනව ටොරන්ට් එක ඩිරෙක්ට් ලින්ක් හදාගන්නව. විනාඩියක් විතර ඉන්න වෙනව.



දැන් ඔය උඩ ‍රතුපාටින් රවුම් කරල තියන එක ඔබන්න ZIP කියන එක. ආයෙත් දෙවනි 4ටෝ එක විදිය‍ට එනව උඩ දෙවනි ‍පොටෝ එක බලන්නකො. දැන් ඒ විදියටම Free කියන එක ඔබන්න. දැං ඔටෝ ඩවුන්ලොඩ් කරන්න අහනව. Ok කරන්න එතකොට ඩවුන්ලෝඩ් වෙනව. අපහැදිලිනම් අහන්නකො..

Wednesday, September 12, 2012

දහවලේ සංගීත අත්දැකීම

දහවලේ සංගීත අත්දැකීම.. 

                                                          අපි හැමදාම සංගීත වලට යන්නෙ රෑටනෙ. මොකද කියනවනම් සංගීත තියන්නෙත් රෑටනෙ. මේක වෙනස් විදියෙ අත්දැකීමක්. ‍මේ සංගීත ප්‍රසංගය ආරම්බ කිරීමට නියමිතව  තිබුනෙ දහවල් 2.30 ට. සංගීත වලට යන අය දන්නවනෙ නමුත් පටන් ගන්නෙ කීයටද කියල. ඇත්තටම කියනවනම් මේක ප‍ටන් ගත්තෙත් 4ට. මම ත් හිතුව ගොඩාක් සෙනග එයි කියල. අපි ඉතින් ටවුමට යනකොට විස්සයි විස්සෙ කප් එක ඇවිල්ල. සෙනග ගොඩයි එතන. ලොරියෙ තියල කෙල්ලො සෙට් එකක් නටනව කොටට ඇදන් පට්ට ඈ.. ඉතින් මට ක්‍රිකට් අරහංනෙ. කෙල්ලො ටික නිසා බලන්න ගියා මිසං මම නෙවේ අහලකටවත් යන්නෙ. ඔන්න ඉතිං ගර්ලුත් ක්ලාස් ඇරිල එනව කියපු නිසා හිටිය. එයාට බොරු කරන්න බෑ කවදාවත් කොහෙන් හරි මාට්ටු වෙනව. ඉතිං මට එයා සංගීත වලට යන්න දෙන්නෑ. මොකද වලියි. බීල අනංමනං කියන එවුන් ඉන්න නිසා, මමත් නහයට අහන්නැති එකානෙ. දන්නව ඉතිං මොනා හරි කොක්කක් ඇදෙනව කියල. ඒක තමා හේතුව. දැං අවසර ගන්නත් එපැයි. මෙන්න ඇස් ඇම් ඇස් එකක් ආව කො.ඉ කියල. (කො. ඉ. = කොහෙද ඉන්නෙ) දැන් ඉන්න තැන කියල ගිය හම්බෙන්න. යන්න ඇහුව. මොන! එයා කියනව අමතක කරල යන්නලු. එහෙම කිවුවම මම යන්නෑ කියල දන්නව. එතකොටම කෝල් එකක් ආව කොහෙද බං ඉන්නෙ කියල. මගුලයි ‍මොකද කරන්නෙ. මේ එනව මේ එනව කියල තිබ්බ.

                                   එයාගෙ මල්ලියි අක්කයි යන කතාවක් කිවුව මට. ඇහ් මරුනෙ. මම කිවුව අක්කලත් එක්ක එන්න කියල. මල්ලි අක්කයි නෑ‍දැයො. දැන් හරි ඒකත් සෙට් එයත් එන්නම් කිවුව මම ගිය අතුලට ටිකට් අරං. ඇහ් . 150ක් බොලේ අතුලට යද්දිම මල් වට්ටි අරං කෙල්ලෙ නටනව. පස්ට ඈ. ඩිං ඩිං ගානව සවුඩ් පට්ටම තියනව. අපිනෙ ඉතිං සවුන්ඩ් බැලන්ස් කරන්නෙ. ගිය ගමන් හරි මැද. දකුනු පැත්තෙ එකේ සවුන්ඩ් මදි. අපිට ඕව කිවුවහැකි ඈ.. ම්ම් කියන්න බැරි උනානෙ කවුද බෑන්ඩ් එක කියල. සංගීතවත් කරේ අජිත් විතානගේ ප්‍රධාන සීදුවේ සකුරා.. අඩි 20X10 ස්ටේජ් වල ගහන කාලෙ ඉදන් බලන සංගීත මඩුල්ලක්. දැන් ඉතින් ලොකු ලොකු ඒව තමා.දන්න අය දන්නවනෙ සෙටප් එක ගැන TS 42 කියන සවුන්ඩ් සිස්ටම් එක තියන්නෙ පට්ට සවුන්ඩ්.

                 පටන් ගත්ත ‍‍‍‍බුදුනේ බුදු පියානනේ සිංදුවෙන් ටික වෙලාවක් යද'දි දකුනු පැත්තෙ සවුන්ඩ් හැදුව දැන් නයමයි . දැන් SMS එකක් ආව ඇතුලට අවා කියල අක්කල නංගිල. දැන් පස්ට. ෂෝ එක රෙකෝඩින් කෙරුව අතට හම්බුන ගමන් අප්ලෝඩ් කරන්නම්. ආරාදිත ගායන ශිල්පීන් උනේ මේකලා ගමගේ , දමිත් අසංක , හිමාෂ , ප්‍රන්ස් උදය , තව අවා මතක නෑ හරියටම. හොදට නැටුව. අමාරුම වැ‍ඩේ උනේ බීපු ඇඔලයන්ගෙන් කෙල්ලො ටික පරිස්සම් කරගන්න එක. ඇත්තටම දවල් උනාට ගොඩක් හොදයි. ලොකු සෙනගක් හිටිය.
  
මේ ටික ලියනවද නැද්ද කියල කල්පනා කරල කරල තමා මේ ලියන්නෙ. මුලින්ම කියන්නම්කො මෙහෙම,  චන්ඩි කමට, වැඩ්ඩො කියල පෙන්නන්නවත් නෙවේ ලියන්නෙ හොදද? 

මේකයි. දැන් වෙලාව 8.30ට විතර ඇති. ඇහ්. දැන්? නැ නෑ දැන් නවේ සංගීතෙ දවසෙ ඒ කියන්නෙ 2012.09.09 එතකොට වෙලාව තමයි ඒ කිවුවෙ. කොල්ලො සෙට් එකක් කෙල්ලන්ගෙ ඇගටම එනව ඉවරයක් නෑ. බලන් හිටිය කරන්න දෙයක් නෑනෙ අපි අයින් උනා. අයෙත් එතන්ටත් උන් ආව. මොනමගුලක්ද මේ. පස්සෙ අපි සෙට් එකයි මල්ලිගෙ කොල්ලො ටිකයි මැදට වෙලා නැටුව. උන් අපේ ඇගෙත් හැප්පි හැප්පි ඇගටම එනව. අපි පොඩිනෙ : D ඒ හන්ද උන්ට අපිට ගහන්න පුලුවන් කියල හිතන්න ඇති. ඒකනෙ. අපි ආයෙමත් අයින් උනා. උන් එතන්ටත් ආව. දැන් තමයි හොදම හරිය.

                                               අපිත් ගේමටම නැටුව මුන් ඇගටම එනව. දැන් කරන්න දෙයක් ඇත්තෙම නෑ. මට තද උනම හන්ද එකෙක්ට කිවුව අපිට පාඩුවෙ ඉන්න දියල්ල කියල. මේක කියපි අපි නිට්ටඹුවෙ අපිට ඕන විදියට අපි නටන්නෙ. මම උගෙ බෙල්ලෙන් අල්ලල ඇඹ‍ලේක් වෙන්නැතුව පැත්තකට වෙලා නටපන් කිවුව විතරයි හැටක් විතර මගෙ මගෙ බෙල්ලෙන් ඇල්ලුව අපේයි මල්ලිගෙයි සෙට් එක පැන්නට පස්සෙ උන් අත ඉස්සුවෙ නෑ මාවත් ඇදගෙන කවුද ගියා පස්සට. කෙල්ල‍ගෙ අක්ක කෙනෙක් කිවුව දැන් තාත්ත එයිනෙ ඒතකොට මුන්ට හොද පාඩමක් උගන්නමු කියල. මූ කියපි තාත්ට කියල කරයි. බලමුකො කියල. කෝල් එකක් දුන්න පොර ආව. ඒ කියන්නෙ ගර්ල්ගෙ බාප්ප. කවුද කවුද කියල ඇහුව එ‍කෙක්වත් සද්ද නෑ. අපිත් පැනපු ගමන් වට කරගෙන නෙලුව හොදට ගැහුව. (සංගී‍ත වලට මෙච්චර යනව. පලවෙනි වලිය) ගහල ඇදගෙන ගිය පොලිසිය ගාවට. පොලිසියෙන් හොදට දෙකක් තුනක් ඇනල ඇදන් ගියා. මුන් වගේ හරක් හන්ද තමයි. කෙල්ලෙක්ටවත් පාරෙ බැහැල යන්න බැරි. 
  
                   කිරි ටිකක් බීපුවහම චන්ඩි වෙනව දෙකක් වැදුනම දාපු චන්ඩ් කම් මොනවත් නෑ. එයාල කනකම් තමා දැගලුවෙ. ඇත්තටම බාප්ප නිසා තමයි උන්ට ගැහුවෙ. ඒ තනි මනුස්සය දැක්ක විතරයි චන්ඩි ඔ‍ක්කොම නොන්ඩි. චාටර් ස්ද්දිය. මම ෂෝ එක අතට හම්බුන ගමන් අප්ලොඩ් කරන්නම්.

Wednesday, August 15, 2012

මේරියන්ස් අන්ප්ලග් / MARIANS UNPLUGGED

         

                   මියුසිකල් අහල අහල අපේ කන් දැන් චාටර් වෙලා තියන්නෙ. රිදම් එකක් එහෙම නෑහෙන ගනන්. ඒත් මෙන්න මේක අහන්න. මේරියන්ස් අන්ප්ලග්

                                                         MARIANS UNPLUGGED      


DISK 01


  • 01 Same Ire
  • 02 Mudu Komala
  • 03 Nadee Tharanga
  • 04 Andura Galayana
  • 05 Punyawantha Pemwathee
  • 06 Oba Nidanna
  • 07 Lokaya Bihiunu Dawase
  • 08 California
  • 09 Me Mawathe
  • 10 Neela Dasa


DISK 02


  • 01 Chandraya
  • 02 Tequila Sunrise
  • 03 Me Jeewanaye
  • 04 Kandukare
  • 05 Anatha Maruthe
  • 06 More Than I Can Say
  • 07 Anjalika
  • 08 Awanhale
  • 09 Holiday
  • 10 Desperado
  • 11 Mariyasilo
  • 12 Sundarai Ahinsakai

Tuesday, August 14, 2012

මොබයිල් එකට ඉංග්‍රීසි සිංහල ඩික්ෂනරියක්

                                  සියලු සත්වයෝ නැසෙන සුළුයි.. අන්තිමට කනත්තටම තමා එන්න වෙන්නෙ අපේ ගමේ හෙන සෙට් එකක් ආව කනත්තට. සමහර අයනම් කනත්තට නෑවිත් අර පුච්චන්නෙ ගෑස් වලින් ඒව‍ට ගියා.. මම ගිහින් ඕකක් පිටිපස්සෙන් බලාගෙන හිටිය පට්ට ඈ. ගිනියං වෙල අලු වෙලාම යනව. හ්ම් එවගෙන් කමක්නෑ. 

          අද මම දෙන්නෙ ඉංග්‍රීසි සිංහල ඩික්ෂනරියක්.  කනත්තෙ බුවෙක් ඇන්‍ ඩ්‍රොයිඩ්පෝං එකක්.  අපිට ඉතිං කොහෙන්ද බූල් බල්ලො. අපිට වල් බල්ලො තමා ඉන්නෙ. බේත් විදල එහෙම ටිකක් බූල් ඇවිත් තියන්නෙ ඒ හන්ද එච්චර අවුලක් නෑ. අපිටත් පෙන්නන්න පුලුවන්නෙ බුල් බල්ල කියල. ආහ් කථාව වෙන පැත්තකට යනවනෙ. හරි මෙකයි සීන් එක මම උඩ වැරදි කතාවක් කියල තියනවනෙ. මම දෙනව කියල. මම නෙවේ දෙන්නේ  ඈ. දෙන අය ගාවට යොමු කරනව. දන්නැති අය ඇති මේ ගැන ගොඩා..ක්. දන්න අයත් ඒ අතරෙ ඇති.
දන්න නොදන්න මේක අවශ්‍ය හැමෝම ගන්න එහෙනම්. මේක මොබයිල් වලටනෙ එන්නෙ. ඇන්ඩොයිඩ් වලටත් තියනව 128X128 රෙසියුලේෂන් වල ඉදන් තියනව. තව ටච් පොන් වලටත් තියනව අවශ්‍ය විදියට බා ගන්නකො එහෙනම්.




මෙන්න මෙතනින් ගිහින් බා ගන්න                  DOWNLOAD

Tuesday, July 31, 2012

කනත්තට යන්න දීන දෙකකට කලියෙන්. (සූදානම් පළමු දවස)

                                                   සුපුරුදු විදිය‍ට උදේ නැගිටල මූණ සෝදගෙන කාමරයට ඇවිත් මැසිම දා 
ගත්ත. මගෙ කාමරය තියන්නෙ එලියෙන්. මොකද මියුසිකල් බලල එහෙම රැ වෙලා ආවම ගෙදර මිනිස්සුන්ට කරදරයක් නෑනෙ. මම මගෙ පාඩුවෙ ඇවිත් නිදාගන්නව. එල නේ? හරි හරි ඒවගෙන් වැඩක් නෑ. මම ආයෙත් කථාව කියන්නම්කෝ.  සාලෙන් පස් හය දෙනෙක්‍‍ගෙ කටහඩවල් ඇහෙනව, එත් මම අම්මගෙ කවුරු හරි ඇවිත් වෙන්න ඇති කියල ගනන් නොගෙන ෆේස් බුක්. තවත් පිරිමි තුන් හතර දෙනෙක්ගෙ කට හඩවලුත් ඇහුන එත් මම මගෙ පාඩුවෙ හිටිය. එකෙක් ඇවිත් මගෙ කාමරේ තිබුන පුටු 5ක් අරං ගියා. කොහෙදබං ඕව
as   ගෙනියන්නෙ. කියල ඇහුව. ම්හ්. කතාවක් නැතිව මම ‍දැක්කෙ නෑ වගේ අරං ගියා. ලග අහල පහල ගෙදරක දානයක්වත් ඇති කියල මට හිතුන. මොන හේතුවක් නිසාද මන්ද ඒත් මම එලියට ගියේ නෑ. ‍‍‍ මම අම්මේ අම්මේ.... කිවුවට කවුරුවත් ප්‍රතිචාර දැක්කුවෙ නෑ. ඒත් මම ගනන් ගත්තෙ නෑ කට්ටියක් ඇවිත් නිසා මොකක් හරි වැඩක් ඇති කියල ගනන් නො‍ගෙන හිටිය. බැරිම තැන මම  නැගිටල ගියා සාලෙන් ගිහින් කුස්සියට. සාලෙ කට්ටිය ඉන්නව අදුරන හා ගමේ අය. හැමෝගෙම මුනෙ හිනාවක් එහෙමනම් පෙන්න තිබුනෙ නැහැ. ඒත් මොකක් හරි ප්‍රශ්නක් වෙන්න ඇති කියල මමත් කථාවට ගියේ නෑ අනික් පැත්තෙන් කාමරේට ගියා. ඒ වෙනකොටත් මිදුලෙ විස්සක් විතර හිටිය. ඒත් මම තනියම කාමරේට වෙලා කල්පනා කර කර හිටියෙ මොකද මේ කියල. කාමරේ දොර ඉස්සඑහින් කට්ටිය එහෙට මෙහෙට යනව, මාව කවුරුත් ගනන් ගන්නෙ නෑ ඒ උනාට. දැක්කෙ නෑ වගේ යනව...

                                                                             
                                                                                                                                      මගෙ හිතටත් අවුල ඒ වුනාට. ම‍ගෙ හිතටත් ලොකු බයක් දැනුන. මම ගියා සාලෙට ගිහින් පුටුවක වාඩි උනා. එතකොටත් කට්ටිය මොනවද මොනවද කියවන හෙමින් හෙමින්. එලිය අය කලබලෙන් එහෙට මෙහෙට දුවනව. කවුරුත් මාව ගනන් ගන්නෙත් නෑ. මම ඇහුව මේ මොකද කියල. නමුත් කවුරුයවත් මම දිහා හැරිලවත් බැලුවෙ නෑ.
එතකොටම මිනී කාර් එක ඇවිත් ගේ ඉස්සරහ නැවැත්තුව. මගෙ පපුව දාල ගියා. මේ මොකද කියල මම කෑ ගහල ඇහුව. ඒත් උත්තර නෑ. කට්‍ටියම ස්ටෑනඩ් ටිකයි, වියන්, පොල්තෙල් පහනයි, ඇත්දල දෙකයි ‍තව රෙදි ගෙට ගෙනාව මට හිතාගන්නවත් බෑ. අඩු තරමෙ කථා කරගන්නවත් බැරිව ගියා. මම ඇහුව ගමේ අයිය කෙනෙක්ගෙන් අයියෙ මේ මොකද කියල. නමුත් එයත් මට උත්තර දුන්නැහැ. එයා එයාගෙ පාඩුවෙ වියන හද හදා හිටිය. මම මිනී කාර් එක ලගට ගිහින් බැලුව ඇතුලෙ මිනිය කාගෙද කියල. නමුත් කලු වීදුරු නිසා පෙනුනෙ නෑ. මම මගෙ යාලුවො ගාවට ගියා. උන් කථාවෙනව මූත් නැති උනා නේද බන් කියල. එතකොටම කවුද එකෙක් 5X3 ඩිජිටල් ප්‍රින්ට් එකක් ගෙනැත් දිග ඇරිය මගෙ යාලුවො ගාව. ඒකෙ හිටියෙ මම. මගෙ ඇගට දාඩිය දැම්ම නමුත් මට ඒත් විශ්වාස කරන්න බැරිවයි හිටියෙ. ඒත් එක්කම ගේ ඇතුලෙන් පිරිමි කටක් ඇහුන මෙහෙ හරි ඇතුලට ගන්න කියල' ම‍ට ඒ වෙනකො‍ට නිකමට හිතුන මාව කාටවත් පේන්නෑ කියල.

. මිනීකාර් එක ඇතුලෙන් පෙට්ටිය එලියට ගද්දිනම් මටත් ඇඩුන ඒ වෙනකොට මට තේරිලා තිබුනෙ නැති වෙලා තියන්නෙ කවුද කියල. මට එවලෙ මතක් උ‍‍නේ අයියව හා මගෙ ගෑනුලමයව විතරයි අම්ම තාත්ත පේන්න හිටිය නිසා මතක් වෙන්න දෙයක් තිබුනෙ නැහැ. නමුත් මට මිනිය බලන්න හම්බුන්නෑ. ඇහැරුනා.. ඒ වෙනකොටත් ඇත්තටම දාඩිය දාලයි තිබුනෙ. මම වතුර නාල වගේ. ඒත් එක්කම මම ගොඩක් දුර දිවුව වගේ හති තිබුන. ඒත් මම හිතුවෙ මම මැරිල කියල මම මගෙ ඇග අල්ලල බැලුව. ඒත් ම‍ට විශ්වාස නැහැ මම ජීවත් වෙනව කියල. මගෙ පූස ඇද ගාව නිදියගෙන හිටියෙ. එයාගෙ නම ටුටූ. මම උව ඇහැරෙවුව. ඇහැරෝල ටුටූ කියල කථා කලා එයා මම දිහා බැලුවත් සමගම අම්ම එහා පැත්තෙ කාමරෙන් කාටද මේ රෑ කථාකරන්නෙ ඇහුව. මම ඇහුන්නැති විදියටම හිටිය. මට සාක්ෂි හම්බුනා  මම ජීවතුන් අතර කියල. මම එලි වෙනකම්ම ඇහැරිලයි හිටියෙ. මට නමුත් මේ හීනෙ ලොකු ප්‍රශ්නයක් උන නිසා. මම ඇහුව ලංකාවෙ හා විදේශයට පවා ජ්‍යාතිශය සේවස සපයන සේන අම්බලම්ගොඩ මහතාගෙන්. එතුමාගේ පිලිතුර මම සලකල බලල ලියන්න හිතුව.

Sunday, July 15, 2012

ගිටාර් ගහමු මුල සිටම 3

 
          අද ගිටර් ගහමු තුන්වෙනි පාඩම තමා දාන්න හදන්නෙ. ඊයේ සංගීතෙට ගිහිං එද්දි පාන්දර උනා අද නිවාඩු හන්ද අවුලක් නෑ. මේ අස්සෙ අපෙ ගෙදර ලොකු තැනයි පොඩි තැනයි වලියක් දාගෙන. ඒකත් බේරල අවෙ. කවුද හැබෑටම මේ ලොකුතැනයි පොඩිතැනයි. ඒ තමයි මගෙ පූසො දෙන්න. හැමදාම වලි. මම ඉතින් ඒවත් බේරන්න එපෑ. කමක්නෑ එවයින් වැඩක් නෑ. අද මම කෝඩ් තමා කියල දෙන්න හිතුවෙ. එහෙම හොදයි කියල හිතුන. නමුත් ඊට කලින් ඉගෙන ගන්න දේවල් තියනව. ඒව කියන්න ගියොත් ඔයාලට එපාවෙයි. ඒව යන අතර මගදි කියල දෙන්නම්.

මම පහලින් දානව Major Chord ටික. 

                                                                      MAJOR CORD





මේජර් කෝඩ් දාල තියන පොටෝ එක පැහැදිලි නැත්තම් එය මත ක්ලික් කරන්න. 


හොද‍ට බලන්න උඩ මම දාල තියන කෝඩ් වල තියනව O අකුර. එතකොට තව ඉලක්කම්, කතිරෙ එහෙම. 

O අකුරින් කියන්නෙ Open Note කියන එකයි. 
ඉලක්කම් වලින් කියන්නෙ එම ‍ෆෙරෙට් එනට අදාල ඇගිල්ල. මම උඩ අතක පොටෝ එකක් දාල තිබුනෙ ඒ ක බැලුවනම් තේරුම් ගන්න පුලුවන්. ඊට පස්සෙ කතිරෙ තියන්නෙ. අපි වම් අතින් කෝඩ් එක අල්ලල දකුනු අතින් පහලට එකක් ගහද්දි නොවදින්න ඕනෙ ‍ෆෙරෙට්. පැහදිලි නැත්තම අහන්න හොදද? අපි D කොඩ් එක ගමු. එතනදි E 6th A 5th (පහ හය) කම්බි වලට වදින්නැහැ.

හොදයි. එහෙනම් මේ ටික හරියට ගහල බලන්නකො. ම්ම් තව එකක් කියන්න බැරි උනා F කෝඩ් එක බලන්න. 111 කියල තියන තුනම එකම් ඇගිල්ලෙන් තමයි අල්ලන්න තියන්නෙ, 


මේ පිංතූරෙ දෙස බලන්න පලමු ඇගිල්ල. මෙයට අපි කියනව බාරයක් කියල Bar එහෙමත් නැත්තම් Capo කියනව. ම්ම අදට එහෙනම් ඇති. මටත් කොටන්න අමාරුයි. මේක බලල එකින් එකට මාරු වෙන්නත් ට්‍රයි කරන්න හොදද?

Saturday, July 14, 2012

ගි‍ටාර් ගහමු මුල සි‍ට සරලව 2


                            ඔන්න සංගීත දෙවනි පාඩම තමයි පටන්ගන්න හදන්නෙ. පලවෙනි පාඩම බැලුවෙ නැති අය ඉන්නවනම් මේක බලන්න කලින් පලවෙනි පාඩම බලල එන්න ඒකට මෙතනින් යන්න. මම එහෙනම් නවත්තපු තැනින් පටන්ගන්නම්. අපි නැවැත්තුවෙ ස්වර දොලහ ගාවින්නෙ. කට්ටියට මතක ඇති. නැති අය ගිහින් බලල ඒනනකො.. ම්ම් නෑ නෑ මම දාන්නම්කො පහලින්.

බටහිර         C         C#       D        Eb        E           F         F#         G       Ab       A        Bb       B
පෙරදිග        ස          රි         රි                  ග           ම         ම'          ප               ධ         නි       නි
  # - මේකට අපි කියනව ශාප් කියල
  b - මේකට කියන්නෙ ෆ්ලැට් කියල

වැදගත්. මම ෆ්ලැට් එකට සිම්පල් b පාවිච්චි කරනව ලිවීමේ පහසුව පිනිස (b)

හරි දැන් උඩ දාල තියනව නේද මම ස්වර දොලහ බටහිර පෙරදිග දෙකෙන්ම. ඒකෙ ශාප් ෆ්ලැට් ගැන ඔයල දැන් දන්නවනෙ. අපි බලමු පෙරදිග රි යටින් ඉරි කෑල්ලක් තියනව නේද? තව දකුනු පැත්තෙන් ඉරි කෑල්ලක් මොනවද ඒ.

බටහිර         C         C#       D        Eb        E           F         F#         G       Ab       A        Bb       B
පෙරදිග        ස          රි         රි                  ග           ම         ම'          ප               ධ         නි       නි

C#    -  රි         සී ශාප්  (කෝමල රි)
Eb    -          ඉ ‍ෆ්ලැට් (කෝමල ග)
F#    -  ම'        එෆ් ශාප් ( ත්‍රිවු ම)
Ab    -         ඒ ෆ්ලැට් ( කෝමල ධ)
Bb    - නි         බී ෆ්ලැට් (කෝමල නි)

‍පැහැදිලි නේද?

‍රා..යිට් අපි දැන් බලමු ගිටාරයේ තත් (String) හය පිලිවෙලින්.
ගිටරයේ කම්බි එකිනෙකට වෙනස්. දැකල තියනවනෙ නේද? උඩ මම දාල තියන්නෙ
E1st  ඒක තමා ගිටාරයේ පහලම කම්බිය.
E6th  එක තමා ඉහලම කම්බිය දැන් පැහැදිලීනෙ.



ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු..

Wednesday, July 11, 2012

ගි‍ටාර් ගහමු මුල සි‍ට සරලව

                 ඔන්න මම හිතුව ‍කනත්තට එන සෙ‍ට් එකට ආතල් එකක් දෙන්න. මම දන්න විදිය අපි හැමෝම සංගීතෙට ආසයි. ඒත් දාහක‍‍ට එකෙක් වගේ ඉන්නව සිංදුවක් වත් අහන්න අකමැති අපි අහනව බලනවටත් අකමැති මුස්පේන්තුවො. රායිට්.. අපිට උන්‍‍‍ගෙන් වැඩක් නෑ කතාවට බහිමුකො. ඇත්තම කියන්නම් පටාං ගන්න කලියෙන්. මම සංගී‍තෙ ගැන ගොඩා.ක් දන්නැහැ. මම ඒත් ඉගෙන ගනිමිනුයි ඉන්නෙ. මට සර් කියල දෙන දේවල් අඩුවක් නැතුව මම කියල ‍දෙන්නම් මුල ඉදන්. හරි අපි වැඩේ එහෙනම් මෙතන ඉදන් පටන්ගමු. 

                        සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඒ වගේම ‍මේ ජන සමාජය ආරම්බයත් සමග පැවත එන ජන සංනිවේදන ක්‍රම අතරින් එකක් වෙන‍‍ව. ඒ කියන්නෙ යම් දෙයක් පැවසීමට. සංගීතය කියන දේ උපදින්නෙ එහෙමත් නැත්තම් හැදෙන්නෙ කාලයයි නාදයි එකට එක්වීමෙන්. 

                    සුන්දරත්වය හා හැගීම් ජනිත කරවන අයුරින් ධ්වනි එහෙමත් නැත්තම් SOUND සකස් කිරීමට සංගීතය කියනව. ඒ වගේම සංගීත රචකයා ඔහුගේ හිතේ ජනිත වන සංගීතමය සිතිවිල්ලක් ප්‍රකාශ කලහැකි ප්‍රකාශන මාධ්‍යක් ලෙසද සංගීතය හදුන්වනව. මේ මම ලිවුවෙ සංගීතය පිලිපද අර්ථ දැක්වීම් කිහිපක් පමණයි.





‍                    ධ්වනි කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. සංගීතමය ධ්වනි සංගීතමය නොවන ධ්වනි වශයෙන්. සංගීතමය ධ්වනි වලට නාද එහෙමත් නැත්තම් Notes කියනු ලබනව.   සංගීතමය නොවන ධ්වනි වලට ශබ්ද එහෙමත් නැත්තම් Noise යයි කියනු ලබනව. සංගීතමය කටයුතු සදහා නාද යොදා ගන්නව. ඒත් සමහර අවස්ථා වලට ශබ්දත් යොදාගන්නව. 

නාද වලට ප්‍රධාන ලක්ෂන තුනක් තියනව. අපි බලමු මොනවද ඒ කියල.
  1. තාරතාවය - Pitch (නාදයේ උස් පහත් බව‍ට තාරතාවය කියා හදුන්වනව.)
  2. ත්‍රිවුතාවය - intensity (රූප ‍බේදය)
  3. ජාතිබේද - timbre
අපි එකින් එක විස්තර බලමු.

තාරතාවය

                     නාදයේ උස් පහත් බව තාරතාවයයි. ඕගනයක හෝ පියානෝවක යතුරු පුවරුවට මුහුණ ලා වාඩි උවහොත් ඔහුගේ දකුනින් පිහිටි යතුරු (Keys) මගින් උස් තාරතාවකින් යුත් නාද හටගනී. එසේම පුද්ගලයාගෙන් පුද්ගලයාට කථාකිරීම හා ගීත ගායනා කිරීම ඉතා උස් හඩකින් හා ඉතාම පහත් හඩකින් යුතු අවස්තා අපට දකින්න පුලුවන්. සරල නිදසුනක් ගතහොත් ස්ත්‍රී කටහඩ උස් තාරතාවකින් යුත් අතර පුරුෂ කටහඩ පහත් තාරතාවකින් යුක්ත වේ.

රූප භේදය

(විපුලතාවය, ත්‍රිවු තාවයය)
යම් සංගීත භාන්ඩයක් (පියානෝව, ගිටාරය, වයලීනය, බටනලාව, ඩ්‍රම්ස්) වාදනය කිරීමේදි ඒ සදහා යොදන බලය අනුව එහි හඩ පැතිරීම අඩු හෝ වැඩි වේ. මේසේ යොදන බලය අනුව හඩ පැතිරීමේදී සිදුවන අඩුවැඩි බව රූප බේදය වේ. වැඩි බලයක් යොදා වාදනය කලහොත් වැඩි දුරකට හඩ පැතිරේ. ගීත ගයනයේදීද මෙම ගුණය දැකිය හැක.

ජාතිබේද

ඒක් එක් සංගීත භාන්ඩයන්ගෙන් නිකුත් වන හඩ සංගීත භාන්ඩයෙන් භාන්ඩයට වෙනස් වේ. මේම වෙනස ජාති බේද වේ. පියානෝවක් වාදනය වන විට යමේකුට එය ඇසීම මගින් ඒය පියානෝවක් කිය නිගමනය කප හැක. මේය එම සංගීත භාන්ඩයේ ජාති ගුණය නොහොත් ධ්වනි ගුණය ලෙද හැදින්විය හැක.

පෙරදිග සංගීතයේ මෙන්ම  බටහිර සංගීත ක්ෂේස්ත්‍රයේද ප්‍රධාන වශයෙන් ස්වර හතක් නම් කර තියනව. ඒව ශුද්ද ස්වරනම් වෙනව.  අපි බලමු මොනවද ඒ කියල,

අපි හැමෝම දන්න දෙයක්නෙ,‍

                                                    ස      රි       ග       ම      ප      ධ      නි
                                                    C      D       E       F      G      A      B

උඩ තියන්නෙ පෙරදිග සංගීතයෙන් තියන ස්වර හත, ඒ සමගම පහල තියන්නෙ ඉංග්‍රීසි අකුරු වලින් බටහිර සංගීතයේ ස්වර හත. මෙම ශූද්ද ස්වර තෝරාගෙන තිබෙන්නෙ එකිනෙකට වෙනස් නාදයන් දොලහක් අතරින් වේ. එනම්


                 C         C#       D        Eb        E           F         F#         G       Ab       A        Bb       B
                 ස          රි         රි                  ග           ම         ම'          ප               ධ         නි       නි

‍මේ තමයි පෙරදිග බටහිර ස්වර දොලහ. එහෙනම් අදට ඇති.‍ මේ ටික හොදට කිවයවල මතක තියා ගන්න.
 මෙය පීඩීඑෆ්  PDF එකක් විදියට ‍ඩවුන් ලෝඩ් කර ගන්නමෙතනින් 
             

කොම් පීතෙ වැඩකෑලි ඔක්කොම එකම තැනකින්

                                                                      අදත් දෙන්න හදන්නෙ‍ සොෆ්ට්වෙයා එකක්. දාන්න දෙයක් නැතුව කල්පනා කර කර හිටියෙ. ජාලෙ සැරිසරනකොට තමා මේක හම්බුනේ. ඒත් ඒ මගුල් සයිට් එකෙන් විනාඩි 8ක් ඉන්නලු. අප‍ට ඉතින් ඉවසන්න බෑනෙ. ඉතින් දැම්ම ටොරන්ට් එකට නම. හුටස් ගාල ආව නොවැ. මට මාර සන්තෝසේ ඈ. ඉතින් ටොරන්ට් ෆයිල් එක දාන්නත් හදල. ටොරන්ට් බාන්න බැරි සහෝදරයොත් ඉන්නවනෙ. අප්ලොඩ් කරල මේඩියාෆයර් ලිංකුවක්ම සෙට් කරගත්ත. මමත් කියෝනව හෝ ගාල මොකක් ගැනද කියන්නෙ කියල දන්නෑනෙ. 

                                       මේකෙන් පුලුවන් ‍කොම්පී‍තෙ වෙනස් කරන දේවල් ඔක්කොම කරන්න, වෙනස් කොරන දේවල් කිවුවෙ මක්කැයි. අර කොන්ට්‍රෝල් පැනලය කියන්නෙ, අන්න ඒකෙ තියන්නෙ නෙට්වර්ක්, යුසර් එකවුන්ට්, අනම් මනං. අන්න ඒව. ඉතිං තව ඩිස්ක් ඩිෆ්රැග්, රෙජිස්ට්‍රි ක්ලීන්, රිකවර් කරන්න බැරි වෙන්නම ඩිලි‍ට් කොරන්නත් පුලුවන්, secure delete ද මොකද්ද කියන්නෙ. ට්‍රක් ක්ලීනර්, අන්ඉන්ස්ටෝල් මැනේජර්. ඔය ටිකක් විතරයි. තව වර්චුවල් ඩෙස්ක්ටොප් හදන්නත් පුලුවන්.

 තව කොම්පීතරේ සියලුම විස්තර දැනගන්නත් පුලුවන්. බාගෙනම බලන්නකො.

 

මේ දාල තියන්නෙ එක ටැබ් එකක පොටෝ එකක්

                                                                       DOWNLOAD

මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරල ඕපන් කරල වම් පැත්තෙ තියනව Serial Key කියල තැනක් එතන්ට දෙන්න PHFE-SEJF-7D53-FSNH-4SGH ‍මේ රතුපාටින් දාල තියන කී එක. වයිරස් නෑ හොදේ. චෙක් කරල බලල දෙන්නෙ.












Saturday, June 16, 2012

ක්ලික් 2න් වින්ඩෝස් 7 ඇක්ටිවු කරන්න

                                                               
                                                                 වින්ඩෝස් සෙවන්ද දාගෙන ඉන්නෙ. අප්ඩේට් කරල අහුඋනොත් එහෙම ඉවරයි නේද? ඩිස්ප්ලේ එක කලු වෙලා මේඩියා ප්ලේයර් එහෙම ඔන් කරන්න බැරි වෙලා අප‍ටත් කර කියා ගන්න දෙයක් නැතුව යනවනේ.. දැන් ඉතින් ‍ෆෝමැට් කරපල්ලකො. දන්නැත්තං මොකෑ කොරන්නෙ කඩවල් ගානෙ හරි දන්නඑකෙක් ගාවට හරි ගිහින් වැදපංකො. නෑ දැං එහෙම කරන්න ඕන්නෑ. ‍පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනව. මම දෙන්නම් ඒක, දන්න අයත් ඇති නොදන්න අය බා ගන්නකො. බාගෙන ඩබල් ක්ලික් කරන්න ටිකක් ඉන්න ඈ.. හදිස්සි වෙන්න එපා. ඊට පස්සෙ Install කියන එක ඔබන්න. ආයෙ ටිකක් ඉන්න. දැන් රීස්ටාර්ට් කරන්න අහයි රීස්ටාට් කරල දාන්න. දැන් ඇක්ටිවු වෙලා ඇති. පට්ට නේද?




සිංහල පේන්නෑ/කොටන්න බෑ නේද සිංහල යුනිකෝඩ්


                                  මේ කියන්න හදන්නෙනම් ගොඩාක් අය දන්න දෙයක් ගැන. සිංහල යුනිකෝඩ්. ඒත් මම දැකල තියනව Internet වලින් වැඩ කරන ගොඩක් දෙනා මේ දේ දන්නෑ. සිංහල බ්ලොග් එහෙම බලනව ගොඩක් බ්ලොග් වලට Seet deco දාල නිසා ඒවත් යුනිකෝඩ් නෑති ඒවගෙ වැඩ කරනව. කවුරු හරි ෆේස්බුක් චැට් එකේ සිංහලෙන් කෙටුවම තමා කොටු කොටු වැටෙනව කියල සිංහල හොයන්න යන්නෙ. සිංහල යුනිකෝඩ් මම පහතින් ලින්ක් දානව XP Service pack 2 හා 3 වලට. කොහොමද Service pack එක බලා ගන්නෙ. මම කියල දෙන්නම්. පොඩි දෙයයි. My Computer උඩ Right click කරල Properties යන්න. ඊට පස්සෙ පෙන්නව XP Service pack 2 නම් 2 කියල 3නම් 3 කියල. ඒක බලල බා ගන්න.
 

                                      Windows XP Service Pack 2

                                      Windows XP Service Pack 3





දැන් හරිනෙ බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. XP Service pack 2 අය‍ටනම් ප්‍රශ්නයක් නෑ. ඒත් XP Service pack 3 තියන අය ඉන්ස්ටෝල් කරද්දි මැදදි XP SP3 සීඩී එකක් දාන්න කියනව. ඒකට දාන්න ඕන්නෑ ඒ මැසේජ් එක කැන්සල් කරන්න.

http://www.siyabas.lk/  ‍මේ සයිට් එකට ගියොත් වැඩි විස්තර දැනගන්න පුලුවන්..
 
 

Friday, June 15, 2012

වැදගත් සිංල ෆොන්ට්

                                          
                                           මෙන්න ගෙනාව සිංහල ෆොන්ට් පැක් එකක්. හැබැයි වැදගත් ෆොන්ට් ටිකක් විතරයි තියන්නෙ. 50ක් විතර. තව ආට් ෆොන්ට් ටිකකුත් තියනව. සිංහල ආට් ෆොන්ට් ඈ. ඕන අය බා ගන්නකො මම පහලින් ලින්කුව දානව. ආ තව දෙයක්. කී මෑන් එක බා ගන්න පහල පෝස්ට් එක බලන්න. ඇලපිලි ස්පිලි එහෙම හරියට ගහන්න බෑනෙ නැත්තම්. මෙගාබයිට් දෙකයි තියන්නෙ. පහල දාල තියන්නෙ පොටෝ එකක් ඒකෙ දෙක තුනක් තියනව. අර කලින් කිවුව වගේ අවශ්‍ය අය බා ගන්න. තියන අයනම් වැඩක් නැතිවෙයි මේ පෝස්ට් එක. ඒත් ෆොන්ට් නැති අයත් ඉන්නවනෙ. බාගෙනම බලන්නකො.

                  ආ තව දෙයක් ඉන්ටෝල් කරන්න දන්නැති අය Start > Control Panal > Font කියන ෆොල්ඩර් එකට කොපි කරන්න. Windows XP තියන අය හොදද? Windows 7 තියන අයටනම් ගොඩක් ලේසියි. ෆොන්ට් එක උඩ රයිට් ක්ලික් කරල Install කියන එක ක්ලික් කරන්න. වැඩේ ඉවරයි.

මෙන්න බා ගන්න 




Thursday, June 14, 2012

හරියට සිංහල කොටන්න


                 සිංහල කොටනකොට ඇලපිලි ස්පිලි එහෙම කේස් නේද  MS Word වල එහෙම. Word විතරක් නෙවේ පොටෝෂොප් වල එහෙමත් කේස් කියල මම දන්නව. මම මේ කියන්නෙ සිංහල යුනිකොඩ් ගැන එහෙම නෙවේ හොදද? සිංහල ෆොන්ට් ගැන තමා මම මේ කියන්නෙ. වින්ඩෝස් XP හා 7 වල එකසේ වැඩ කරන පොඩ් සොෆ්වෙයා එකක් තමා මේක. මේනෙ නම Tavultesoft Keyman. ඉතින් මේව ගැන දැන උගත්තුන්ට නෙවේ දාන්නෙ. මම එහෙම කිවුවෙ ‍අපෝ ඕක මොකද්ද කියන දැන උගත්තු ඉන්නවනෙ. එයාලට.  දැන උගත්තු අතර නොදන්න පිරිසකුත් ඉන්නවනෙ. ඒ අය බා ගන්නකො. හැබැයි පුතෝ වෙන වෙන කී මෑන් සොෆ්ට්වෙයා දාල පල් කරගත්ත කොම්පීතර් වලටනම් මට වග කියන්න බෑ. මම මේක එක්ස් පී සෙවන් දෙකේම පාවිචිචි කරනව.  පහලින් ලිංකුව දානව බා ගන්නකො. 

                                                              මේකෙන් බා ගන්නකො

 ඕක Extreat කරල ඩබල් ක්ලික් කරල ‍ඉන්ස්ටෝල් කරගන්නකො. 


මෙහෙම කේ අකුරක් තියනවනෙ






ඔයා ටයිප් කරද්දි ඒක උඩ ක්ලික් කරල මේ විදියට අයන්න දා ගන්න


පැහැදිලි නේද?   ප්‍රශ්ණයක් තිබුනොත් අහන්නකො. ආ අද මම බ්ලොග් එකට ගොඩවෙද්ද දැක්කෙ. බලන්නකො පහල..




Monday, June 11, 2012

100% රිකවරි කරන්න නිදහසේ.........

                                                 අදනම් දෙන්න හදන්නෙ හැමෝටම වැදගත් වෙයි කියල හිතුන දෙයක්. මේ හැමෝටම ඩිජිටල් කැමරා, පෙන් ඩ්‍රයිවු, මෙමරි චිප්, ප්රෝටබල් හාඩ් එහෙම තියනවනෙ.. ඔවුවගෙන් එකක් හරි තියනවනෙ නේද? ඉතින් ඔවුවගෙ පොටෝ වීඩියෝ සිංදු ඩොකිවුමන්ට් අරව මෙවුව දාල තියාගෙන ඉන්නවනෙ.  තව කොම් පීටරේ හාඩ් එකේ. ! හපෝ.. බලන්‍ඩ එපෑ තියන දෙවල්. මට එවුවගෙන් වැඩක් නෑ.. බැරිවෙලාවත් ඔයා අතින් ඒ ෆයිල් ඩිලිට් උනොත්? වයිරස් එකකින් හරි? ඉවරයි නේද? එවුව ආපහු ගන්න සොෆ්ට්වෙයා ඕන තරම් තියනව නේද? තිබුනට හරියට වැඩේ කරගන්න බැරිනම් වැඩක් නෑ නේද? මටත් ඕක උනා ඊට පස්සෙ හොයා ගත්ත හොයල සොෆ්ට්වෙයා එකක්. Data Recovery Wizard   තමා සොෆ්ට්වෙයා එක. ඕන අය සයිට් එකෙන්ම ගන්නකො. මම පහල දාල තියනව.
                                                                      
                                                             මෙතනින් බා ගන්න 



                                                       ඒත් ඔකෙන් 1GB විතරයි දෙන්නෙ. අපිට 1GB කන්න ඈ. අන්ලිමිටඩ් රිකවරි කරන්න Data Recovery Wizard Professional එක තිබුනොත් කොහොමද? පට්ට නේද? එහෙනම් මම දෙනව ඒක. මම දැක්ක ගොඩක් බ්ලොග් වලත් මේක දාල තියනව. ඒත් Free එක විතරයි. මම දෙනව Data Recovery Wizard Professional එක. එහෙනම් ඒක පහලින් බා ගන්න කී නෑ, ක්‍රැක් නෑ, වයිරසුත් නෑ, මම 100%ක් චෙක් කරල තමා දෙන්නෙ. සතපහක‍ටවත් බය වෙන්න එපා. මෙන්න මේවුව තමයි රිකව කරන්න පුලුවන්.    ‍පහලින්  Recovery Wizard Professional එක බා ගන්න 


Easeus Data Recovery Profissional
 
                                



Wednesday, May 30, 2012

නැවුම් වෙනසක් සමගින් සංගීත් විජේ සුරිය ප්‍රධාන වායෝ................

 
 
 
   ශ්‍රි ලංකාවේ අලුත්ම වෙනසක් සමගින් අලුත්ම සවුන් සෙටප් එකක් අලුත්ම ස්ටේජ් එකක් අලුත්ම ලයිටින්ග් සෙට් එකක් නැවුම් වෙනසක් සමගින් සංගීත් විජේ සුරිය ප්‍රධාන වායෝ................
 
The popular singer cum band leader Sangeeth Wijesuriya has launched a new band recently. ‘Wayo’ is the name ofthe new band. ‘Wayo’ will perform as an acoustic band and is a ten piece band. Sangeeth has initially published the news of his new band in his Face Book fan page with a photo of him with the members of the band. But the images of the other members were portrayed as dark images concealing the identities of them. Now that the Wayo has officially launched the same poster was posted in Face Book with the identities of the members. Noora, Dumith, Priyal, Nayana, Shane, Rasika, Kushan, Senanga and Jineth are the members of this newest band. Wayo is consists of two drummers and two keyboard players. Sangeeth’s son, also a member of this band, is one of the drummers. Sangeeth himself will acts as the
leader of the band and the main vocalist. If you want to get in touch with this new band it is Mr.Shane 
 
Karunaratne
the manager of the band you should contact on 0777779420 /0777554000.
‘Wayo’ is also the name of Sangeeth’s new business which is a ring tone solution company. Being the Chairman of
the company, Sangeeth describes his company as the total ring tone solution company which was established to
provide the best ring tones in the industry giving the artists an opportunity to gain the maximum value for their
creations and the subscribers to interact with their favorite music and to personalize their mobiles. The company
also engages in the business of re-making songs which became very popular during the past decade. Although remaking
songs is a profitable business, Sangeeth should more concern about the intellectual property law as he
was ended up in courts when he remixed Wijeratne Warakagoda’s track – ‘Rangahala Den Etha Ada Andure.’ some
years ago.

RinginTones.lk is another project by Wayo Total RingingTone Solutions Company. All the ringing tones are stored in ringintones.lk for easier access to music lovers. Users can browse through entire song library of ringing tones managed by Wayo. Search functionality of the website is also special. It has face book like search suggestions and selections for your favorite music artists. There are quick preview for each ringing tone. Some songs may have youtube previews of videos. It is definitely a time saver to find out all the ringing tones IDs from various mobile networks through one web site.
Sangeeth is a past pupil of Nadagamuwa College and Senarath Paranawithana College, Udugampala. He started
his career in an entirely different field which as a ‘Karate’ instructor. Sangeeth first came to the lime light in the
music field by singing the song ‘Siriyalatha’ while he was a member of the band ‘Blue Shadows’. Later he launched
a band of his own, ‘Sanidapa’where he worked nearly a decade until he left it last year. ‘Amma’, ‘Bambara wage’,
‘Ayeth monwath liyanne ne’,’Lassana Lassana mage adariye’, ‘Ran Ran,Ran sela anda’ are few of the hit songs he
released together with the band Sanidapa. Apart from his singing ability Sangeeth is also a talented dancer and
also plays the Flamenco Guitar & classical guitar.

copy magazinelanka.com