Sunday, July 15, 2012

ගිටාර් ගහමු මුල සිටම 3

 
          අද ගිටර් ගහමු තුන්වෙනි පාඩම තමා දාන්න හදන්නෙ. ඊයේ සංගීතෙට ගිහිං එද්දි පාන්දර උනා අද නිවාඩු හන්ද අවුලක් නෑ. මේ අස්සෙ අපෙ ගෙදර ලොකු තැනයි පොඩි තැනයි වලියක් දාගෙන. ඒකත් බේරල අවෙ. කවුද හැබෑටම මේ ලොකුතැනයි පොඩිතැනයි. ඒ තමයි මගෙ පූසො දෙන්න. හැමදාම වලි. මම ඉතින් ඒවත් බේරන්න එපෑ. කමක්නෑ එවයින් වැඩක් නෑ. අද මම කෝඩ් තමා කියල දෙන්න හිතුවෙ. එහෙම හොදයි කියල හිතුන. නමුත් ඊට කලින් ඉගෙන ගන්න දේවල් තියනව. ඒව කියන්න ගියොත් ඔයාලට එපාවෙයි. ඒව යන අතර මගදි කියල දෙන්නම්.

මම පහලින් දානව Major Chord ටික. 

                                                                      MAJOR CORD





මේජර් කෝඩ් දාල තියන පොටෝ එක පැහැදිලි නැත්තම් එය මත ක්ලික් කරන්න. 


හොද‍ට බලන්න උඩ මම දාල තියන කෝඩ් වල තියනව O අකුර. එතකොට තව ඉලක්කම්, කතිරෙ එහෙම. 

O අකුරින් කියන්නෙ Open Note කියන එකයි. 
ඉලක්කම් වලින් කියන්නෙ එම ‍ෆෙරෙට් එනට අදාල ඇගිල්ල. මම උඩ අතක පොටෝ එකක් දාල තිබුනෙ ඒ ක බැලුවනම් තේරුම් ගන්න පුලුවන්. ඊට පස්සෙ කතිරෙ තියන්නෙ. අපි වම් අතින් කෝඩ් එක අල්ලල දකුනු අතින් පහලට එකක් ගහද්දි නොවදින්න ඕනෙ ‍ෆෙරෙට්. පැහදිලි නැත්තම අහන්න හොදද? අපි D කොඩ් එක ගමු. එතනදි E 6th A 5th (පහ හය) කම්බි වලට වදින්නැහැ.

හොදයි. එහෙනම් මේ ටික හරියට ගහල බලන්නකො. ම්ම් තව එකක් කියන්න බැරි උනා F කෝඩ් එක බලන්න. 111 කියල තියන තුනම එකම් ඇගිල්ලෙන් තමයි අල්ලන්න තියන්නෙ, 


මේ පිංතූරෙ දෙස බලන්න පලමු ඇගිල්ල. මෙයට අපි කියනව බාරයක් කියල Bar එහෙමත් නැත්තම් Capo කියනව. ම්ම අදට එහෙනම් ඇති. මටත් කොටන්න අමාරුයි. මේක බලල එකින් එකට මාරු වෙන්නත් ට්‍රයි කරන්න හොදද?

1 comment: