Tuesday, July 31, 2012

කනත්තට යන්න දීන දෙකකට කලියෙන්. (සූදානම් පළමු දවස)

                                                   සුපුරුදු විදිය‍ට උදේ නැගිටල මූණ සෝදගෙන කාමරයට ඇවිත් මැසිම දා 
ගත්ත. මගෙ කාමරය තියන්නෙ එලියෙන්. මොකද මියුසිකල් බලල එහෙම රැ වෙලා ආවම ගෙදර මිනිස්සුන්ට කරදරයක් නෑනෙ. මම මගෙ පාඩුවෙ ඇවිත් නිදාගන්නව. එල නේ? හරි හරි ඒවගෙන් වැඩක් නෑ. මම ආයෙත් කථාව කියන්නම්කෝ.  සාලෙන් පස් හය දෙනෙක්‍‍ගෙ කටහඩවල් ඇහෙනව, එත් මම අම්මගෙ කවුරු හරි ඇවිත් වෙන්න ඇති කියල ගනන් නොගෙන ෆේස් බුක්. තවත් පිරිමි තුන් හතර දෙනෙක්ගෙ කට හඩවලුත් ඇහුන එත් මම මගෙ පාඩුවෙ හිටිය. එකෙක් ඇවිත් මගෙ කාමරේ තිබුන පුටු 5ක් අරං ගියා. කොහෙදබං ඕව
as   ගෙනියන්නෙ. කියල ඇහුව. ම්හ්. කතාවක් නැතිව මම ‍දැක්කෙ නෑ වගේ අරං ගියා. ලග අහල පහල ගෙදරක දානයක්වත් ඇති කියල මට හිතුන. මොන හේතුවක් නිසාද මන්ද ඒත් මම එලියට ගියේ නෑ. ‍‍‍ මම අම්මේ අම්මේ.... කිවුවට කවුරුවත් ප්‍රතිචාර දැක්කුවෙ නෑ. ඒත් මම ගනන් ගත්තෙ නෑ කට්ටියක් ඇවිත් නිසා මොකක් හරි වැඩක් ඇති කියල ගනන් නො‍ගෙන හිටිය. බැරිම තැන මම  නැගිටල ගියා සාලෙන් ගිහින් කුස්සියට. සාලෙ කට්ටිය ඉන්නව අදුරන හා ගමේ අය. හැමෝගෙම මුනෙ හිනාවක් එහෙමනම් පෙන්න තිබුනෙ නැහැ. ඒත් මොකක් හරි ප්‍රශ්නක් වෙන්න ඇති කියල මමත් කථාවට ගියේ නෑ අනික් පැත්තෙන් කාමරේට ගියා. ඒ වෙනකොටත් මිදුලෙ විස්සක් විතර හිටිය. ඒත් මම තනියම කාමරේට වෙලා කල්පනා කර කර හිටියෙ මොකද මේ කියල. කාමරේ දොර ඉස්සඑහින් කට්ටිය එහෙට මෙහෙට යනව, මාව කවුරුත් ගනන් ගන්නෙ නෑ ඒ උනාට. දැක්කෙ නෑ වගේ යනව...

                                                                             
                                                                                                                                      මගෙ හිතටත් අවුල ඒ වුනාට. ම‍ගෙ හිතටත් ලොකු බයක් දැනුන. මම ගියා සාලෙට ගිහින් පුටුවක වාඩි උනා. එතකොටත් කට්ටිය මොනවද මොනවද කියවන හෙමින් හෙමින්. එලිය අය කලබලෙන් එහෙට මෙහෙට දුවනව. කවුරුත් මාව ගනන් ගන්නෙත් නෑ. මම ඇහුව මේ මොකද කියල. නමුත් කවුරුයවත් මම දිහා හැරිලවත් බැලුවෙ නෑ.
එතකොටම මිනී කාර් එක ඇවිත් ගේ ඉස්සරහ නැවැත්තුව. මගෙ පපුව දාල ගියා. මේ මොකද කියල මම කෑ ගහල ඇහුව. ඒත් උත්තර නෑ. කට්‍ටියම ස්ටෑනඩ් ටිකයි, වියන්, පොල්තෙල් පහනයි, ඇත්දල දෙකයි ‍තව රෙදි ගෙට ගෙනාව මට හිතාගන්නවත් බෑ. අඩු තරමෙ කථා කරගන්නවත් බැරිව ගියා. මම ඇහුව ගමේ අයිය කෙනෙක්ගෙන් අයියෙ මේ මොකද කියල. නමුත් එයත් මට උත්තර දුන්නැහැ. එයා එයාගෙ පාඩුවෙ වියන හද හදා හිටිය. මම මිනී කාර් එක ලගට ගිහින් බැලුව ඇතුලෙ මිනිය කාගෙද කියල. නමුත් කලු වීදුරු නිසා පෙනුනෙ නෑ. මම මගෙ යාලුවො ගාවට ගියා. උන් කථාවෙනව මූත් නැති උනා නේද බන් කියල. එතකොටම කවුද එකෙක් 5X3 ඩිජිටල් ප්‍රින්ට් එකක් ගෙනැත් දිග ඇරිය මගෙ යාලුවො ගාව. ඒකෙ හිටියෙ මම. මගෙ ඇගට දාඩිය දැම්ම නමුත් මට ඒත් විශ්වාස කරන්න බැරිවයි හිටියෙ. ඒත් එක්කම ගේ ඇතුලෙන් පිරිමි කටක් ඇහුන මෙහෙ හරි ඇතුලට ගන්න කියල' ම‍ට ඒ වෙනකො‍ට නිකමට හිතුන මාව කාටවත් පේන්නෑ කියල.

. මිනීකාර් එක ඇතුලෙන් පෙට්ටිය එලියට ගද්දිනම් මටත් ඇඩුන ඒ වෙනකොට මට තේරිලා තිබුනෙ නැති වෙලා තියන්නෙ කවුද කියල. මට එවලෙ මතක් උ‍‍නේ අයියව හා මගෙ ගෑනුලමයව විතරයි අම්ම තාත්ත පේන්න හිටිය නිසා මතක් වෙන්න දෙයක් තිබුනෙ නැහැ. නමුත් මට මිනිය බලන්න හම්බුන්නෑ. ඇහැරුනා.. ඒ වෙනකොටත් ඇත්තටම දාඩිය දාලයි තිබුනෙ. මම වතුර නාල වගේ. ඒත් එක්කම මම ගොඩක් දුර දිවුව වගේ හති තිබුන. ඒත් මම හිතුවෙ මම මැරිල කියල මම මගෙ ඇග අල්ලල බැලුව. ඒත් ම‍ට විශ්වාස නැහැ මම ජීවත් වෙනව කියල. මගෙ පූස ඇද ගාව නිදියගෙන හිටියෙ. එයාගෙ නම ටුටූ. මම උව ඇහැරෙවුව. ඇහැරෝල ටුටූ කියල කථා කලා එයා මම දිහා බැලුවත් සමගම අම්ම එහා පැත්තෙ කාමරෙන් කාටද මේ රෑ කථාකරන්නෙ ඇහුව. මම ඇහුන්නැති විදියටම හිටිය. මට සාක්ෂි හම්බුනා  මම ජීවතුන් අතර කියල. මම එලි වෙනකම්ම ඇහැරිලයි හිටියෙ. මට නමුත් මේ හීනෙ ලොකු ප්‍රශ්නයක් උන නිසා. මම ඇහුව ලංකාවෙ හා විදේශයට පවා ජ්‍යාතිශය සේවස සපයන සේන අම්බලම්ගොඩ මහතාගෙන්. එතුමාගේ පිලිතුර මම සලකල බලල ලියන්න හිතුව.

5 comments:

  1. අපි ඔක්කොම මිනිස්සු...මමත් ඔය වගේ එකක් දකිනවා....ඒත් දැන් දැකල දැකලම ගැනක් නැහැ...අපි කව්රුත් මැරෙනවා...ඒක හිංද ජීවත් වෙන්නවත් මැරෙන්නවත් බය වෙන්න එපා....අපි ඔක්කොම එක යායක

    ReplyDelete
  2. “අස්ථිර ජීවිතේ ස්ථිර වන්නේ මරණයයි“ කියල කියමනක් තියෙනවනේ යාලුවා.
    “ඕවා ඔහොම තමයි බය වෙන්න කිසිම දෙයක් නෑ“ කියල කිව්වට හිතේ පොඩි බයක් හරි තියෙයි.
    ඒත් ඉතින් අපි ඇත්තට මූණ දෙන්න ඕනෑ නේද?
    දිගටම බ්ලොග් ලියන්නට සුභ පතනවා.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඕයාටත් ජයෙන් ජයම වේවා....!!

      Delete