ඔන්න සංගීත දෙවනි පාඩම තමයි පටන්ගන්න හදන්නෙ. පලවෙනි පාඩම බැලුවෙ නැති අය ඉන්නවනම් මේක බලන්න කලින් පලවෙනි පාඩම බලල එන්න ඒකට මෙතනින් යන්න. මම එහෙනම් නවත්තපු තැනින් පටන්ගන්නම්. අපි නැවැත්තුවෙ ස්වර දොලහ ගාවින්නෙ. කට්ටියට මතක ඇති. නැති අය ගිහින් බලල ඒනනකො.. ම්ම් නෑ නෑ මම දාන්නම්කො පහලින්.
බටහිර C C# D Eb E F F# G Ab A Bb B
පෙරදිග ස රි රි ග ග ම ම' ප ධ ධ නි නි
# - මේකට අපි කියනව ශාප් කියල
b - මේකට කියන්නෙ ෆ්ලැට් කියල
වැදගත්. මම ෆ්ලැට් එකට සිම්පල් b පාවිච්චි කරනව ලිවීමේ පහසුව පිනිස (b)
හරි දැන් උඩ දාල තියනව නේද මම ස්වර දොලහ බටහිර පෙරදිග දෙකෙන්ම. ඒකෙ ශාප් ෆ්ලැට් ගැන ඔයල දැන් දන්නවනෙ. අපි බලමු පෙරදිග රි යටින් ඉරි කෑල්ලක් තියනව නේද? තව ම දකුනු පැත්තෙන් ඉරි කෑල්ලක් මොනවද ඒ.
බටහිර C C# D Eb E F F# G Ab A Bb B
පෙරදිග ස රි රි ග ග ම ම' ප ධ ධ නි නි
C# - රි සී ශාප් (කෝමල රි)
Eb - ග ඉ ෆ්ලැට් (කෝමල ග)
F# - ම' එෆ් ශාප් ( ත්‍රිවු ම)
Ab - ධ ඒ ෆ්ලැට් ( කෝමල ධ)
Bb - නි බී ෆ්ලැට් (කෝමල නි)
පැහැදිලි නේද?
රා..යිට් අපි දැන් බලමු ගිටාරයේ තත් (String) හය පිලිවෙලින්.



No comments:
Post a Comment