Wednesday, September 12, 2012

දහවලේ සංගීත අත්දැකීම

දහවලේ සංගීත අත්දැකීම.. 

                                                          අපි හැමදාම සංගීත වලට යන්නෙ රෑටනෙ. මොකද කියනවනම් සංගීත තියන්නෙත් රෑටනෙ. මේක වෙනස් විදියෙ අත්දැකීමක්. ‍මේ සංගීත ප්‍රසංගය ආරම්බ කිරීමට නියමිතව  තිබුනෙ දහවල් 2.30 ට. සංගීත වලට යන අය දන්නවනෙ නමුත් පටන් ගන්නෙ කීයටද කියල. ඇත්තටම කියනවනම් මේක ප‍ටන් ගත්තෙත් 4ට. මම ත් හිතුව ගොඩාක් සෙනග එයි කියල. අපි ඉතින් ටවුමට යනකොට විස්සයි විස්සෙ කප් එක ඇවිල්ල. සෙනග ගොඩයි එතන. ලොරියෙ තියල කෙල්ලො සෙට් එකක් නටනව කොටට ඇදන් පට්ට ඈ.. ඉතින් මට ක්‍රිකට් අරහංනෙ. කෙල්ලො ටික නිසා බලන්න ගියා මිසං මම නෙවේ අහලකටවත් යන්නෙ. ඔන්න ඉතිං ගර්ලුත් ක්ලාස් ඇරිල එනව කියපු නිසා හිටිය. එයාට බොරු කරන්න බෑ කවදාවත් කොහෙන් හරි මාට්ටු වෙනව. ඉතිං මට එයා සංගීත වලට යන්න දෙන්නෑ. මොකද වලියි. බීල අනංමනං කියන එවුන් ඉන්න නිසා, මමත් නහයට අහන්නැති එකානෙ. දන්නව ඉතිං මොනා හරි කොක්කක් ඇදෙනව කියල. ඒක තමා හේතුව. දැං අවසර ගන්නත් එපැයි. මෙන්න ඇස් ඇම් ඇස් එකක් ආව කො.ඉ කියල. (කො. ඉ. = කොහෙද ඉන්නෙ) දැන් ඉන්න තැන කියල ගිය හම්බෙන්න. යන්න ඇහුව. මොන! එයා කියනව අමතක කරල යන්නලු. එහෙම කිවුවම මම යන්නෑ කියල දන්නව. එතකොටම කෝල් එකක් ආව කොහෙද බං ඉන්නෙ කියල. මගුලයි ‍මොකද කරන්නෙ. මේ එනව මේ එනව කියල තිබ්බ.

                                   එයාගෙ මල්ලියි අක්කයි යන කතාවක් කිවුව මට. ඇහ් මරුනෙ. මම කිවුව අක්කලත් එක්ක එන්න කියල. මල්ලි අක්කයි නෑ‍දැයො. දැන් හරි ඒකත් සෙට් එයත් එන්නම් කිවුව මම ගිය අතුලට ටිකට් අරං. ඇහ් . 150ක් බොලේ අතුලට යද්දිම මල් වට්ටි අරං කෙල්ලෙ නටනව. පස්ට ඈ. ඩිං ඩිං ගානව සවුඩ් පට්ටම තියනව. අපිනෙ ඉතිං සවුන්ඩ් බැලන්ස් කරන්නෙ. ගිය ගමන් හරි මැද. දකුනු පැත්තෙ එකේ සවුන්ඩ් මදි. අපිට ඕව කිවුවහැකි ඈ.. ම්ම් කියන්න බැරි උනානෙ කවුද බෑන්ඩ් එක කියල. සංගීතවත් කරේ අජිත් විතානගේ ප්‍රධාන සීදුවේ සකුරා.. අඩි 20X10 ස්ටේජ් වල ගහන කාලෙ ඉදන් බලන සංගීත මඩුල්ලක්. දැන් ඉතින් ලොකු ලොකු ඒව තමා.දන්න අය දන්නවනෙ සෙටප් එක ගැන TS 42 කියන සවුන්ඩ් සිස්ටම් එක තියන්නෙ පට්ට සවුන්ඩ්.

                 පටන් ගත්ත ‍‍‍‍බුදුනේ බුදු පියානනේ සිංදුවෙන් ටික වෙලාවක් යද'දි දකුනු පැත්තෙ සවුන්ඩ් හැදුව දැන් නයමයි . දැන් SMS එකක් ආව ඇතුලට අවා කියල අක්කල නංගිල. දැන් පස්ට. ෂෝ එක රෙකෝඩින් කෙරුව අතට හම්බුන ගමන් අප්ලෝඩ් කරන්නම්. ආරාදිත ගායන ශිල්පීන් උනේ මේකලා ගමගේ , දමිත් අසංක , හිමාෂ , ප්‍රන්ස් උදය , තව අවා මතක නෑ හරියටම. හොදට නැටුව. අමාරුම වැ‍ඩේ උනේ බීපු ඇඔලයන්ගෙන් කෙල්ලො ටික පරිස්සම් කරගන්න එක. ඇත්තටම දවල් උනාට ගොඩක් හොදයි. ලොකු සෙනගක් හිටිය.
  
මේ ටික ලියනවද නැද්ද කියල කල්පනා කරල කරල තමා මේ ලියන්නෙ. මුලින්ම කියන්නම්කො මෙහෙම,  චන්ඩි කමට, වැඩ්ඩො කියල පෙන්නන්නවත් නෙවේ ලියන්නෙ හොදද? 

මේකයි. දැන් වෙලාව 8.30ට විතර ඇති. ඇහ්. දැන්? නැ නෑ දැන් නවේ සංගීතෙ දවසෙ ඒ කියන්නෙ 2012.09.09 එතකොට වෙලාව තමයි ඒ කිවුවෙ. කොල්ලො සෙට් එකක් කෙල්ලන්ගෙ ඇගටම එනව ඉවරයක් නෑ. බලන් හිටිය කරන්න දෙයක් නෑනෙ අපි අයින් උනා. අයෙත් එතන්ටත් උන් ආව. මොනමගුලක්ද මේ. පස්සෙ අපි සෙට් එකයි මල්ලිගෙ කොල්ලො ටිකයි මැදට වෙලා නැටුව. උන් අපේ ඇගෙත් හැප්පි හැප්පි ඇගටම එනව. අපි පොඩිනෙ : D ඒ හන්ද උන්ට අපිට ගහන්න පුලුවන් කියල හිතන්න ඇති. ඒකනෙ. අපි ආයෙමත් අයින් උනා. උන් එතන්ටත් ආව. දැන් තමයි හොදම හරිය.

                                               අපිත් ගේමටම නැටුව මුන් ඇගටම එනව. දැන් කරන්න දෙයක් ඇත්තෙම නෑ. මට තද උනම හන්ද එකෙක්ට කිවුව අපිට පාඩුවෙ ඉන්න දියල්ල කියල. මේක කියපි අපි නිට්ටඹුවෙ අපිට ඕන විදියට අපි නටන්නෙ. මම උගෙ බෙල්ලෙන් අල්ලල ඇඹ‍ලේක් වෙන්නැතුව පැත්තකට වෙලා නටපන් කිවුව විතරයි හැටක් විතර මගෙ මගෙ බෙල්ලෙන් ඇල්ලුව අපේයි මල්ලිගෙයි සෙට් එක පැන්නට පස්සෙ උන් අත ඉස්සුවෙ නෑ මාවත් ඇදගෙන කවුද ගියා පස්සට. කෙල්ල‍ගෙ අක්ක කෙනෙක් කිවුව දැන් තාත්ත එයිනෙ ඒතකොට මුන්ට හොද පාඩමක් උගන්නමු කියල. මූ කියපි තාත්ට කියල කරයි. බලමුකො කියල. කෝල් එකක් දුන්න පොර ආව. ඒ කියන්නෙ ගර්ල්ගෙ බාප්ප. කවුද කවුද කියල ඇහුව එ‍කෙක්වත් සද්ද නෑ. අපිත් පැනපු ගමන් වට කරගෙන නෙලුව හොදට ගැහුව. (සංගී‍ත වලට මෙච්චර යනව. පලවෙනි වලිය) ගහල ඇදගෙන ගිය පොලිසිය ගාවට. පොලිසියෙන් හොදට දෙකක් තුනක් ඇනල ඇදන් ගියා. මුන් වගේ හරක් හන්ද තමයි. කෙල්ලෙක්ටවත් පාරෙ බැහැල යන්න බැරි. 
  
                   කිරි ටිකක් බීපුවහම චන්ඩි වෙනව දෙකක් වැදුනම දාපු චන්ඩ් කම් මොනවත් නෑ. එයාල කනකම් තමා දැගලුවෙ. ඇත්තටම බාප්ප නිසා තමයි උන්ට ගැහුවෙ. ඒ තනි මනුස්සය දැක්ක විතරයි චන්ඩි ඔ‍ක්කොම නොන්ඩි. චාටර් ස්ද්දිය. මම ෂෝ එක අතට හම්බුන ගමන් අප්ලොඩ් කරන්නම්.

No comments:

Post a Comment