Thursday, July 21, 2011

පොලිසිය... ලංකාවේ.(නිට්ටඹුවේ). අපෙ පොලිසිය......

                       අදනම් කියන්න යන්නෙ ලංකාවට කෙලවෙලා තියන හේතුවක් ගැන.. ලංකාව හදන්නෙ කොහොමද මෙහෙම පොලිසියෙන් ඉද්දි... ම්ම්ම් පොලිසිය ගැන තමා කියන්නෙ.. ම‍ටයි යාලුවෙකුටයි (යාලුව තමයි චනක) වුන දෙයක් මේක.. ඊයෙ තමයි වුනේ ඊයෙ කියන්නෙ 18සදුදා.. නිට්ටඹුවෙ තිබ්බ 17-18 වොලිබෝල් මැච් එකක්.. ඒක ඉවර වෙලා තිබුන මියුසිකල් එකක්... ඕක බලන්න තමයි අපි ගියේ.. සන්ෂයින් තමයි වෙදිකාව සංගීතවත් කලේ.. හැමතැනම පොලිසියෙන් දාල.. යුනිෆෝම් හා සිවිල් දෙකෙන්ම.. මම දැක්ක දෙපාරක්ම එස් අයි (මහත්තේක්)  ජීප් එක ඇතුලෙ ඉදන්ම ගොල්ඩ්ලිෆ් ගහනව.. සිවිල් හිටපු මහත්තුරුනම් අපරාදෙ කියන්න බෑ හොදට ඩියුටිය කරනව වතුර බොතල් එහෙම අතේත් තියාගෙන.. (මහන්සියට වෙන්න ඇතිනෙ)  මට අමතක උනානෙ නිට්ටඹුව පොලිසිය ගැන මේ කියන්නෙ හොදද? ගොඩක් මිනිස්සු බීලා.. හොදට නටනව.. අපිත් ගිහින් නැටුව නටල ටිකක් අයිස් එකක් එහෙම කාල වාඩි වුනා බස් ස්ටෑන්ඩ් එකේ.. (ස්ටෑන්ඩ් එකේ තමයි මියුසිකල් එක තිබු‍නෙ) ‍අපි ගියේ කවසාකි ඉසෙඩ් එක්ස් 250 ආර් (KAWASAKI ZX 250 R) තෙල් ලිටර් එකකින් 22000m යන්න පලුවන්.. ‍තෙල් එහෙම හොදට වැඩ නේද?  පහල තියන්නෙ බයික් එක දන්න අය දන්නව ඇතිනෙ ඕකෙ සද්දෙ එහෙම..




          අපි බයික් එක නවත්තල තිබුනෙ එහා පැත්තෙ.. එක චනකගෙ බයික් එක.. ඒක ඉන්න තැනට අරන් එන්න ගියා මම.. බයික් එක තියන තැනට ගිහින් ස්ටාර්ට් කරල රේස් කරල ගත්ත ටිකක්.. (හෝං හෝං) ඒත් එක්කම මට ඕයි ඕයි කියල කෑ ගැහුව උඩ තට්ටුක ඉදන්. බලපුවාම කොල්ලො සෙට් එකක් බොනව.. කොල්ලො කිවුවට කොල්ලොම නෙවේ ටිකක් වයසයි. මම ගනන් ගත්තෙ නැතුව ගියා.. යද්දි අපි හිටපු තැන පල්සර් ට්‍රැකර් ‍වලින් ඇවිත් වැඩ දානව.. මමත් ඇරියෙ නෑ සයිලන්සරෙන් ගින්දර පාරක් එහෙම දාගෙන මම ගිහින් හිටපු තැන නැවැත්තුව.. තව යලුවෙක් ඇවිත් හිටිය එතන්ට.. එයාට රවුමක් පදින්න ආසයි කියල වටයක් ගිහින් ආව.. ඒ සද්දෙට සිවිල් හිටපු එස් අයි මහත්තේක් ඇවිත් යතුර ගත්ත.. යතුර අරන් මෙහෙම ඇහුව හරිම කාරුනික වචනෙන්.. කවුද මල්ලියෙ මම ඕයි ඕයි කියද්දි රේස් කරල ගියේ.. එතකොට තමයි තේරුනේ ඕයි ඕයි කිවුවෙ කවුද කියලා.. මම කිවුව මම කියල..  

                                වාඩිවෙන්නකො කියල මගෙ පපුවෙන් තල්ලු කලා ආදරේට වගේ.. මගේ ඔලුව යකඩ බටේකත් වැදුන.. ඊට පස්සෙ මගෙ කණ අතගාල කකුලෙන් 3ක් විතර මට ගැහුවෙ නෑ.. අපරාදෙ කියන්න ඕන්නෑ මල්ලියෙ කියලමයි කථා කලේ.. එක කුනු හරපයක් වත් කිවුවෙ නෑ.. ඒ මහත්තය බීල හිටියෙත් නෑ.. කාගෙද බයික් එක ඇහුව චනක ඉස්සරහට ආව.. ඒයාගෙත් කන අතගාල කකුලෙන් බඩටත් පොඩි තට්ටුවක් දැම්ම.. 

                         ෆිට් එකට... ඒත් එක්කම එතන්ට ට්‍රැකර් 2ක් ඇවිත් වීල් කලා අපේ බයික් එකට වඩා සද්දෙයි.. හෙලිකොප්ටර් වගේ ඒවගෙ සද්දෙ.. අවුල තියන්නෙ එකක් නිට්ටඹුවෙ පොසත් ව්‍යාපාරිකයෙකුගෙ පුතෙක්.. අනිත් කෙනත් ‍‍ඇග පත හොදට තියන කෙනෙක්.. ඒව පොසත් බයික්නෙ ඒවගෙ සද්‍දෙ ඇහෙන්නෙත් නෑ.. වීල් කරනව එහෙම පේන්නෙත් නෑ.. අපි වගේ පොඩි එකෙක් රේස් කලත් වැරදියි.. හ්ම්ම් උන්ටම ගිය රටනෙ.. මමත් සද්ද නැතුව හිටිය.. අපි වචනයක් හරි කථා කලානම් අපේ ඇගපත හොදට අතගානව... ඒ නිසා සද්ද නොකර හිටියා.. ආයෙත් කාරුනිකව කිවුව ඕක තල්ලුකරන් යං ජීප් එක ගාවට කියල.. කොහොමද ආතල් එක.. මීටර් 200ක් විතර තල්ලු කලා..


                                                                                  එතන්ට ඇවිත් ඒ මහත්තය පැත්තකට ගියා. අපි ඉතින් අනිත් අය‍ට ටෝක් කලා යතුර ඉල්ලල.. ඒ පාර එකෙක් ඇවිත් අපෙන් ඇහුව කොහෙද කියල.. විස්තර කිවුවම ඒයා අර එස් අයි ගාවට ගිහින් කථා කලා දැක්ක.. දෙන්න බෑ කිවුවද කොහෙද? ආයෙ ලගට ආව අ‍පේ උඹලට මොනවද කරන්න පුලුවන් ඇහුව.. අපි අ‍තේ සල්ලිත් නෑ. සල්ලි නෙවේ බොතලයක්ලු ඔනෙ අරක‍ට තෙල් ගහල කෑව තිබ්බ සල්ලිවල.. මම කිවුව සල්ලි නෑ කියල. එයා අපිට ටොක් කරනව ඊට පස්සෙ යාලුවන්ගෙන් හරි ඉල්ලල දීපන්ලු.. මම කිවුව යාලුවො නෑ අපි දෙන්න විතරයි ආවෙ කියල. හෙට දෙන්න පුලුවන්ද ඇහුව.. මම හා කිවුව.. කීයටද දෙන්න පුලුවන් ඇහුව 10 ට? කියල මම හා කිවුව.. අපේ ගෙදරට ගෙනත් දියල්ල කියල පාරත් කියල ඊට පස්සෙ යතුර දුන්න.. අපි ආව... ‍අපි තාම බොතලයක්නම් දුන්නෑ.. ඒත් ඒ මහත්තය ඔන්න ඩියුටි කරපු හැටි.. නිට්ටඹුව පොලිසිය තමයි ඒ... පස්සෙ තේරුනේ. එයාලට බොන්න මදිවෙලා අපි වගේ පොඩි එවුන් වරදක් නැතුව අල්ලල ගහල බොතලුත් ඉල්ලනව..  ඒත් පොසත් අයගෙ හෙලිකොප්ටර් පැද්දත් අල්ලන්නෑ.... ඒ මහත්තුරුන්ට අයහපතක් මිසක යහපතක්නම් කසිදවසක වෙන්නෑ.. ඒහෙම නොවේවාත් කියල මම ප්‍රාර්ථනා කරනව.....


                පොලිසිය... ලංකාවේ.(නිට්ටඹුවේ). අපෙ පොලිසිය......   

                ජනතාවගෙ හිත දිනාගත්ත පොලිසිය....

                ලංකාවේ(නිට්ටඹුවේ) හොද පොලිසිය....

                ජනතාවගෙ හිත දිනාගත්ත පොලිසිය.... 

1 comment:

  1. අම්මටසිරි නෑනේ..නිට්ටඹුවෙ පොලෝසියත් එහෙමද..දැනගත්ත එක හොදයි.අපිත් වේයන්ගොඩ පැත්තේ

    ReplyDelete