ඡායාරූපකරණයට පිවිසෙන බොහෝ අයට තියන ප්‍රශ්නයක් කැමරාවක් තෝරගන්න එක. මගෙනුත් කීපදෙනෙක්ම අහපු ප්‍රශ්නයක්. බොහෝමයක් ගෘප් වලත් නිතරම අහන ප්‍රශ්නයක්.
මුලින්ම බලන්න ලංකාවෙ මිල ගණන් විස්තර
මිල ගණන් විස්තර බලන්න යන්න මේ පහළ ලින්ක් වලට.
මිල ගණන් විස්තර බලන්න යන්න මේ පහළ ලින්ක් වලට.
උඩ දාල තියන වෙබ්සයිට් වලට ගිහින් අද්‍යනය කරන්න තමන්ගේ අතේ මුදලට ගතහැකි කැමරා කීපයක්ම. තව ikman.lk වෙබ්සයිට් එකටත් ගිහින් බලන්න මිල ගණන් කොහොමද කියල. දැන් ඔයාට වැටහීමක් තියනවා අතේ ඇති මුදලට මේ මේ කැමරා තමයි මට ගන්න හැකි කියලා. දැන් තෝරාගත් කැමරා මොඩල් ටික කොලේක ලියාගන්න.
දැං තමයි ගේම
යන්න http://snapsort.com/compare සයිට් එකට. අර තෝරාගත් ඒවායෙන් මොඩල් දෙකක් දීල කම්පෙයා කරන්න.
එකින් එකකට සියල්ලම කම්පෙයා කරන්න. පහළ මම රවුම් කරලා තියන එක බලන්න. එතනින් දළ අදහසක් ගන්න පුළුවන් මොකද්ද හොද කියලා. නමුත් ඒතනින් නවතින්න එපා. ඒක නුවනට හුරු නැහැ. More detailed differences and similarities ෙබාත්තම ඔබල පහළට යන්න. දැන් බලන්න කැමරා දෙකේ සියළුම විස්තර තියනවා.
මේ ක්‍රමයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් කැමරා ගැන. බලන්න මොනවද තියන නම්, අගයන්, අඩු වැඩි වෙලා තියන්නේ කොහොමද, ඒ ඒ අගයන් අඩු උනොත්ද හොද වැඩි උනොත්ද හොද කියල. මේ දේවල් හරියට හොයල බැලුවොත් කාගෙන්වත් අහන්න අවශ්‍ය නෑ. මොකද්ද ගන්න කැමරාව කියල අපිටම තීරණය කරන්න පුළුවන්. වගේම කැමරා ගැන ලොකු දැනුමක් ඉබේම ලබාගන්නත් පුළුවන්.
ISO වැඩිවෙන තරමට හොදයි.
Dynamic Range වැඩි වෙනවනම් හොදයි.
Shutter Speed වැඩි උනොත් හොදයි
Mega Pixle වැඩිනම් හොදයි
Fps වැඩිනම් හොදයි
Display Resulation වැඩිනම් හොදයි
Wether Sealed Body එකක්නම් වඩා හොදයි
Full Frame නම් වඩාත් හොදයි
Viewfinder ලොකු වෙන තරම හොදයි
Colourdepth වැඩිනම් හොදයි
Built-in focus motor තියනවනම් හොදායි
(මෙම ක්‍රමය මම තෝරාගන්න බාවිත කළ ක්‍රමය නිසා මෙය අවුල් සහගතයි හැගේනම් ඔබේ ක්‍රමයක් අනුගමනය කරගත හැක)
(මෙම ක්‍රමය මම තෝරාගන්න බාවිත කළ ක්‍රමය නිසා මෙය අවුල් සහගතයි හැගේනම් ඔබේ ක්‍රමයක් අනුගමනය කරගත හැක)

No comments:
Post a Comment