Tuesday, April 3, 2018

‍Photographer ලාට වැදගත් වෙන එවලෙම ස්ලයිඩ් ‍ෂෝ හදන ඇප් එක

මේ පෝස්ට් එක ලියන්න හිතුවේ මටත් ගොඩක් අකරතැබ්බ වලට මුහුණපාන්න වුනු නිසා. මම එ්කට සොයාගත්ත පිලියම තවත් අයට වැදගත් වෙයි යන සිතින්. චායාරූප ශිල්පීන්‍ට වැඩි වශයෙන් මුහුණපාන්න වෙන දෙයක් තමයි ප්‍රොජෙක්ටර් එකක් තියනවා මේ පොටෝ ටික ස්ලයිඩ් කරලා දෙන්න කියන එක. ඒ වෙලාවට පස්ස ගහන එක හරි මදිනේ. ඕක නිකම්ම සලයිඩ් කලොත් ස්පීඩ් වැඩියි කියනවා ෂූවර්. මියුසික් නෑ. ඔහේ ගොනා වගේ බලන් ඉන්න තමා තියන්නේ බලන අයට. එපා වෙන සීන් එකක්නේ. 



මේ මම කියන්න හදන්නේ ඒකට හරිය‍ටම ගැළපෙන ‍සොෆ්‍ට්වෙයාර් එකක් ගැන. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි දෙන්නේ. මෙගාබයි‍ට් 10 කටත් අඩු ප්‍රමාණයක් තමයි තියන්නේ. ඒ උනාට වැඩනම් සුපිරි. PSD ෆයිල් උනත් මේකෙන් විව් කරන්න පුළුවන්. 

මේ තියන්නේ සප‍ෝට් කරන ඒවා.

මේකෙන් පුලුවන් අපිට එක පොටෝ එකක් කොපමණ වෙලාවක් තියන්න ඕනෙද කියලා තිරණය කරන්න, වගේම බැක්ග්‍රවුන් මියුසික් දාන්න. කරන්න දන්නැත්තම් කොමෙන්ට් කරන්න. කියලා දෙන්නම්.

Monday, July 10, 2017

තනියම කැමරාවක් ගන්න තෝරගන්න

ඡායාරූපකරණයට පිවිසෙන බොහෝ අයට තියන ප්‍රශ්නයක් කැමරාවක් තෝරගන්න එක. මගෙනුත් කීපදෙනෙක්ම අහපු ප්‍රශ්නයක්. බොහෝමයක් ගෘප් වලත් නිතරම අහන ප්‍රශ්නයක්.    

මුලින්ම බලන්න ලංකාවෙ මිල ගණන් විස්තර

මිල ගණන් විස්තර බලන්න යන්න මේ පහළ ලින්ක් වලට.


උඩ දාල තියන වෙබ්සයිට් වලට ගිහින් අද්‍යනය කරන්න තමන්ගේ අතේ මුදලට ගතහැකි කැමරා කීපයක්ම. තව ikman.lk වෙබ්සය‍ිට් එ‍ක‍ටත් ගිහින් බලන්න මිල ගණන් කොහොමද කියල. දැන් ඔයාට වැටහීමක් තියනවා අතේ ඇති මුදලට මේ මේ කැමරා තමයි මට ගන්න හැකි කියලා. දැන් තෝරාගත් කැමරා මොඩල් ටික කොලේක ලියාගන්න. 


දැං තමයි ගේම

යන්න http://snapsort.com/compare සයිට් එකට. අර තෝරාගත් ඒව‍ායෙන් මොඩල් දෙකක් දීල කම්පෙයා කරන්න.


එකින් එකකට සියල්ලම කම්පෙයා කරන්න. පහළ ‍ මම රවුම් කරලා තියන එක බලන්න. එතනින් දළ අදහසක් ගන්න පුළුවන් මොකද්ද හොද කියලා. නමුත් ඒතනින් නවතින්න එපා. ඒක නුවනට හුරු නැහැ. More detailed differences and similarities  ‍ෙබාත්තම ඔබල පහළට යන්න. දැන් බලන්න කැමරා දෙකේ සියළුම විස්තර තියනවා. 

මේ ක්‍රමයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් කැමරා ගැන. බලන්න මොනවද තියන නම්, අගයන්, අඩු වැඩි වෙලා තියන්නේ කොහොමද, ‍ඒ ඒ අගයන් අඩු උනොත්ද හොද වැඩි උනොත්ද‍ හොද කියල. මේ දේවල් හරියට හොයල බැලුවොත් කාගෙන්වත් අහන්න අවශ්‍ය නෑ. මොකද්ද ගන්න කැමරාව කියල අපිටම තීරණය කරන්න පුළුවන්. වගේම කැමරා ගැන ලොකු දැනුමක් ඉබේම ලබාගන්නත් පුළුවන්. 


සරලව ටිකක් දාන්නම්. අනෙකට සාපේක්ෂව

ISO  වැඩිවෙන තරමට හොදයි.
Dynamic Range වැඩි වෙනවනම් හොදයි.
Shutter Speed වැඩි උනොත් හොදයි
Mega Pixle වැඩිනම් හොදයි
Fps වැඩිනම් හොදයි
Display Resulation වැඩිනම් හොදයි
Wether Sealed Body එකක්නම් වඩා හොදයි
Full Frame නම් වඩාත් හොදයි
Viewfinder ලොකු වෙන තරම හොදයි
Colourdepth වැඩිනම් හොදයි
Built-in focus motor තියනවනම් හොදායි

(මෙම ක්‍රමය මම තෝරාගන්න බාවිත කළ ක්‍රමය නිසා මෙය අවුල් සහගතයි හැගේනම් ඔබේ ක්‍රමයක් අනුගමනය කරගත හැක)